chapter 11

451 70 41
                                    

" තා... වී..... ශ්........ බයියා...හ්...... "

ඈ...... මගේ නමේ කෑල්ලක් වගේනම් තමා. වෙන කාටවත්ද දන්නෙ නෑ. මොකද මන් එනවා කියලා කිව්වේ මමාට විතරනේ. අනික මෙහෙ ඉන්න නෑදෑයෝ කියන මිනිස්සු කතා කරන්නේ අශේර් කියලනේ. නැත්තන් බෝබෝ ගානවා.... තාවිශ් , මන් ආසයි නම් තමා ඒ කැල්ලට ඒත් ඒක කියලා මෙලෝ යකෙක් මට කතා කරන්නෙ නෑනේ. ඒත්...... 

" ඒ ... ඒ යිබෝ ...... කවුද බන් අර හුසෙන් බෝල්ට්ගේ නංගී වගේ උඹේ පැත්තට දුවගෙන එන තංගච්චි "

මොන තංග..ච්..ච්..... මලහත්තිලව්වයි. අමතක වුනානේ. එකෙක් ඉන්නවා තාවිශ් බයියාහ් කියලා වැලලෙන්න හදන. මෙව්වා ඇවිල්ලා පූරුවේ කරුම පස්සෙන් එන විදිද කොහෙද සැක්. මේ මල හොලමන මොකද මෙතන කරන්නේ. තාම බැදලා නැද්ද යකෝ. මන් හිතුවේ බැදලා බබාලත් දෙතුන් දෙනෙක් ඇති කියලා. මෙතනින් යන තරමට ඇගට ගුණයි වගේ සෙමියොන් පුතා.

" වාත කේස් එකක් බොසා. ඉක්මනට ඔය ටැක්සියකට අත දාපන්කෝ. වෙලාවේ හැටියට ත්‍රී වීල් එකකට හරි කමක් නෑ "

" ඈ.... මේ මොකෝ අපේ කැප්ටන්ට වෙලා තියෙන්නේ. ඇයි ඔය කඩාගෙන බිදගෙන එන්නේ උඹව සහේට ගන්න බලාගෙන ඉන්න ඩෑල් එකක්ද "

" මාව සහේට ගන්න. ඇයි උඹට මාව පේන්නේ මාල වලලු දාන් ඉන්න කෙල්ලෙක් වගේද "

ඇයි යකෝ. ගැම්මෙන් ඉන්න මන් වගෙ කොල්ලෙක්ට කියන කතාවක්ද මේකා මේ කටක් ඇරලා කිව්වේ. ඩයනමයිට් දාලත් මදි මුගේ කටට. හහ්... නාලාගිරි ඇතාට රා පොවලා කුලප්පු උනා වගේනේ මේ හොල්මනත් දුවගෙන එන්නේ. පොඩිකාලේ දැක්කට පස්සේ මන් මේ දැක්කමයි. කොහොම අදුරගත්තද මන්දා. ඔහොම ආවට බෑ නංගි මේ හිත ගලක් වෙලා තියෙන්නේ. මෙලෙක් වෙන්න ඕන බෙහෙත් ඔය තංගච්චි ලග නෑ. ඔය ටැක්සියකට ඉක්මනට කියපන්කෝ බන්. නැත්තන් ගෙදර යන්න කලින් මට මොලේ කචල් කරගෙන යන්න වෙන්නේ. මොකද සෙමියොන්ට හපන් ඔය එන ඩයල් එක. නට් ලූස් කියන්නේ හොදම එකෙන් බරපතළ අවුලක් තියනවා.

" ආහ් යිබෝ වරෙන් බන් අර ටැක්සියකට මන් කතා කරා. ඔය ලැගේජ් එක ගනින්කෝ "

" හා හා යමන්.."

"  අනේ තාවිශ් බයියාහ් ......"

හපොයි. දැන් ඉතින් ඉවරයි. යෝ කඩවුලේ..... ගෙදරට යනකන්වත් මොකෙක්වත් මුනගස්සන්නේ නැතුව ඉන්න බැරි උනානේ ඔයාටත්.

hat Trick Where stories live. Discover now