chapter 20

502 66 46
                                    

Yibo's pov

" නපුරු කමට රවන් ඉන්න කවුද ගනන් ගන්නේ...
  හිත පිරෙන්න නටන්න නම් තුරුලු වෙන්න ඕනේ... "

දැන් එතකොට මටද මේ කියන්නේ.....

ආයිශ් මේ කොල්ලා... මන් දිහාම බලාගෙන ඒක කියන හැටි. මන් ඕස්ට්‍රේලියාවේ මනුස්සයෙක් එක ඇත්ත. ඒ උනාට විශේශ බලකායේ පුහුනුව කාලේ අපි රටවල් දෙක තුනකම කට්ටිය එකට වැඩ කරා. රටින් පිට, රටවල් ගානක නිලදාරීන්ට එකට තමා පුහුණුව තිබුනේ. ඒ කාලේ මගේ ලගින්ම හිටිය කෙනා ශ්‍රී ලංකාවේ කොල්ලෙක්.. ඒ මනුස්සයා ඒ කාලේ මහන්සි වැඩි උනාම කරේ හිතයි ගතයි නිදහස් වෙලා ටිකක් හිනාවෙන්න කියලා මට සිංහල කියලා දුන එක. ඇයි ඉතින් අපි ඒවා කියන්න ගියාම රට පටලන් දිවත් පටලන් බහුබූත කියනවනේ.

එහෙම ටිකක් කියලා දුන්නා කියලා මට සිංහලෙන් කතා කරන්නවත් සිංහල ලියන්නවත් එහෙම බෑ. ඒත් කියන වචන දෙක තුනක් තේරුන් ගන්නයි දෙයියනේ කියලා ස්තූතියි ආදරෙයි වගේ වචන ටිකක් කියන්නයි පුලුවන්. මොකද ඉදලා හිටලා වැඩ නෑ වගේ පෙනුනම හසෙලුත් ඇවිත් එයා දන්න වචනයක් දෙකක් මටයි සෙමියොන්ටයි කියලා දෙනවනේ. මොකද ඒක හරි ලස්සන කතා කරන්න ආසා හිතෙන භාශාවක්. ඒ මන් දන්න විදිහට ඉගන ගන්න අමාරුම භාශාවලින් එකක්. ඒ උනාට මොකෝ අපිට අමාරුයි ටිකක් ඒ වචන කියන්න.

දැන් හිතනවද හසෙල් කොහොමද සිංහල දන්නේ කියලා. ඇත්තමයි ඒ මනුස්සයාගේ පවුල දිහා බැලුවම මට ජබර කලන්තෙට වගේ. ඇයි යකෝ මව ඉන්දියාවේ පියා ඕස්ට්‍රේලියාවේ ආච්චිඅම්මා ලංකාවේ , දෙයියනේ කියලා සීයාතාත්තා ලංකා ඉන්දියා කලවන්... ඒක තනිකර කලවන් මැල්ලුමක් වගේ. ඒක හින්දා ඉතින් අර යස්ස පරානෙට ඉංග්‍රීසි හින්දි යහමින් පුලුවන්. හරිම අජූත තාලෙට සිංහල ටිකක් පුලුවන්. ටිකක් කියන්නේ ටිකයි. වචනයක් දෙකක් ගැටගහ ගනී එච්චරයි. ඒ දන්න ටික ඉතින් එයා දන්නවා කියලා පෙන්නන්න අපිට කියාඅ දෙනවා. අනේ අපි දෙන්නත් මරන්න ගෙනියන හරක් දෙන්න වගේ බෑ කියන්න බැරි කමට අහගෙන ඉන්නවා.

ඒක හින්දා ඉතින් දැන් මේ කට්ටියගේ බේබියා කිව්වේ රවන් ඉන්න මිනිස්සු ගැනයි සතුටු වෙන්න නටන්න ඕන කියලයි විතරක් තේරුනා. ඒත් ඒකේ මුලක් මැදක් තේරුනේ නෑ. අද දවසේ උන දේවලුයි දැන් මන් දිහා බලන් හිටිය විදිහයි සිංදුව අතරේ ඇස් වලින් කිව්ව මොකක්දෝ කතාවකුයි හින්දා මේ කොල්ලා මේ නපුරු කිව්වේ මටද කියලා හිතෙනවා. ඒත් ඉතින් අනේ මන්දා.....

hat Trick Where stories live. Discover now