chapter 7

538 76 34
                                    

" දැන් අපි මේක ජෙනරාල් ට කියන්න ඕනද කැප්ටන්. එකෙක් අල්ල ගත්තා කියලා "

" හසෙල් මොකද කියන්නේ "

" කියමු නෙ කැප්ටන්. අපි අල්ල ගත්තේ එකයි. ඌ අපිට ගැහුවා අපි උට ගැහුවා. ආයුධ පෙන්න කියලා අපිව එක්කන් ගිහින් බොරු කරා. දැන් පොර හොස්පිට්ල්. එච්චරයි නේද කැප්ටන් "

" උඹ මගෙ එකී බන් "

කටකොනෙන් හිනාවෙන ගමන් හසෙල් කියනකොට මාත් කට කොනින් හිනා උනෙ කොහොමත් දැනට ජෙනරල්ට කියන්නේ එච්චරක් විතරක් නිසා. දැන් අපි ලග ඉන්න කෙනා ගැන මායි සෙමියොනුයි අපි එක්ක ගිය අනිත් තුනයි හසෙලුයි විතරක් දැනගත්තම හොදටම ඇති. මොකද මන් සීයට දාහක් විශ්වාස කරන්නේ ඒ ටික දෙනා විතරයි. අනික කරන ඔක්කම කියන්න ඕන කියලා නීතියක් කොහෙවත් නෑනේ නේ. තිබ්බත් කරන්න දෙයක් නෑ. මොකද මන් වැඩ කරන්නේ මගේ පොතේ විදිහට.

ඒත් දෙන්නට දෙන්නා මූණ බලන් මටයි හසෙල්ටයි හිනාවෙන්න පුලුවන් උනේ නම් තත්පර ගානක් විතරයි.

" කැරි බංගලියා. මේකට මම ###$#.... "

ඈ.....හ් මොකක්ද ඒ අපේ එකාට එකපාරටම උනේ. යකෝ කුණුහරුප පලන කැත. කැප්ටන් මෙතන තියාගෙන ඔහොම කියන එක හරිද මන් අහන්නේ. ඒකත් කොහෙදෝ ඉන්න මනුස්සයෙක්ට. දැන් ඇහෙයි මේකා මෙතන ඉදන් බෙරිහන් දුන්නා කියලා.

"ආහ්වූ..... උඹට මම....."

" මොකද යකෝ බෙරිහන් දෙන්නේ "

" ඉතින් මොකද උඹ ඔලුවට ගහන්නේ "

ආ..... ඔය ආවේ හොද සිහිය අපේ එකාට. හසෙල් කැමති නෑ එයා ඉස්සරහ අපේ සෙමියොන් ජාතිය අමතනවා අහන්න. ඒත් මල පනපු වෙලාවට ඒ හොල්මන අමුතුම වාග් විලාශයක් පාවිච්චි කරන එක වෙනම කතවක්. ෆෝන් එකේ ඉන්න එකෙක්ට හරියට ඇහෙනවා වගේ ලෙසටම අමතන එක අහන් ඉන්න බැරුව කෙල්ල සෙමියොන්ගේ ඔලුවට හොද ශොට් එකක් අත දිග ඇරලා දුන්නේ අඩු කඩාගන ආව තරහටත් එක්කමද මන්දා.

අපේ එකාටත් හොද වැඩේ. උණ්ඩේ වදින එකෙන් බේරෙන්න පැත්තට පැනලා ගලක අත වද්දගෙන පඩියා වගේ මෙඩිකල් යුනිට් එකට යන්නෙත් නැතුව මෙතන්ට ආවට. හසෙල්ට හරි හෙල්සේට හරි කියලා දාගන්නම් බන් යැයි යැයි තමා. ඔය දැම්මේ බෙහෙත්. මේකි බෙහෙත් දාපූ විදිහට අරූගේ තුවාල හොද වෙන එක කෙසේ වෙතත් රෑ වෙද්දි උණ ගනී කියලානම් ශුවර්. එච්චර හොදට දැම්මා තිබ්බ තරහත් එකතු කරලා. ඒ කරලත් මදි හින්දා වෙන්න දැන් ඔලුවටත් දීලා ඇද්දේ. හහ් ඒක ඇවිල්ලා අදහන්න වටින මෙව්වා එකක් තියන බොන්ඩ් එකක්. උන් දෙන්නා යාලුවොද සෝල්මෙට්ලද හතුරොද වෙන මොක්කු හරිද කියලා ජෝඩුවගේ කතාව ලියන එක තමා දන්නේ. මොකද එච්චරට හොදයි උන් දෙන්නා එකට ඉද්දි. වෙලාවකට ගෑණි මිනිහයි වගේ. වෙලාවකට නයයි පොලගයි වගේ. තව වෙලාවකට ටොම් ඇන්ඩ් ජෙරි වගේ. අන්තිමට ඒවා හිතන්න ගිහි හොදට තියන මගේ මොලේ කොලොප්ප්න වෙන එක විතරයි වෙන්නෙ.

hat Trick Where stories live. Discover now