chapter 6

574 75 31
                                    

" මේ බලපන් වදුරෝ මේ නිවුස් එක "

" මොකාද බන් ඔච්චර බෙරිහන් දෙන්න දැක්ක නිවුස් එක "

ආ ලොකූ අවුලක් නෑ අපේ රුක්ශාල් දැන් මට අතිශය වැදගත් මොකක් හරි එකක් කියන්න යන්නේ කියලා වටේ හිටිය හැමෝම දැනගත්ත එක විතරයි උනේ.  එව්ව් මේ හිකනලාගේ කට. වටේටම ඇහෙන්න බෙරිහන් දීගන උඩපැන පැන දුවගෙන ආපු කැත. ඒකෙන් අන්තිමට උනේ මගේ අතිජාත මිත්‍රයා වෙහෙස මහන්සි වෙලා හියාගෙන ආපු නිවුස් එක මොකක්ද බලන්න වටේ හිටිය අපේ සෙට් එක ඔක්කම මන් වටේට එකතු උන එක. හරිම උදාරයි අප්පා.

" මොකක්ද නිවුස් එක. කවුද මැරිලා තියෙන්නේ "

ඔය කිව්වේ. මන් කියන්නේ නිකන්ද මේ කල්පයියගේ කට හෙනම ලස්සන එකක් කියලා.

" ආපෝ අයියේ උඹේ කට. මැරිලා නෑ බන් කවුරුවත් "

" එහෙනම් උඹ බෙරිහන් දුන්නේ. දැන් මොකක්ද සීන් එක "

" විශේශ දේකුත් නෙවේ. හැබැයි විශේශ නැත්තෙමත් නෑ "

" දැන් උඹ ඕක කියනවද නැද්ද "

ඇයි යකෝ දැන් කියන්න ආපු එක කියන්නේ නැතුව ඒක අගය කර කර මගුලක් කරනවා. විශේශ දෙයක්ද නැද්ද බලන්නවත් දැන් මේකා කියලා ඉන්න එපැයි විස්තරේ. ඒ උනාට මේ රුක්ශාලයා බෙරිහන් දීගෙන ආපු විදිහට නම් මන් හිතුවේ පොරට හතර මහා නිදානේ පහල වෙලා වෙන්න ඇති කියලා. ඒත් නෑ එහෙම එකකුත් නෙවෙයිලු කියන්නේ.

" හරියට තව සති තුනකින් අයිපී එල් වෙන්දේසිය තියනවා මචංලා "

" අප්පටසිරි "

" ඒත් ඒක නෙවේ හොදම නිවුස් එක ".

" එහෙනම් "

" කලින් තිබ්බ ටීම් දහයට මේ පාර අලුතින් තවත් ටීම් එකක් එකතු වෙනවලු. "

" වාහ්.... සුපිරියක් වෙයි හැබැයි නේ . "

මට නිකන් කිචි කිචි වගේ ෆීලින් එකක් ආවා කියනවකෝ ඒක අහලා. ඇයි කියලා නම් මන් දන්නෙ නෑ ඒත් ඒක මාරම උදාර වැඩක් කියලා විතරක් නාරන් ගෙඩි දෙකක් විතර සයිස් මගේ මොලේට තේරුනා. ටීම් එකේ කාගෙද කින්ද මන්ද කියන ඒවා වෙන්දේසිය දවසේලු කියන්නේ. අයිති කාරයා මොකා උනත් කමක් නෑ ඒකෙන් අපිට යහපතක් වෙනවා නම්.

hat Trick Where stories live. Discover now