chapter 17

458 71 66
                                    

" කැප්ටන් ........... "

" ඉවරයි "

" ආ ... ඔය එන්නේ අඩුවත් දැන්හරි. "

ඈතින් කවුදෝ මන්දා කෙල්ලෙක් පන කඩාගෙන බෙරිහන් දීගෙන දුවගෙන එද්දි සෙමියොන් අයියයි ෂෙන් කෝචුයි දෙන්නම එක වැර කිව්වේ කැප්ටන් නම් ඇස් දෙක හීනී කරන් ඒ පැත්ත බලද්දි.... 

ඒත්.........

තත්පර දෙක තුනක් යන්න ඇති එක වගේ ඇදගෙන හිටිය කෙල්ලෝ දෙන්නෙක්ෙ දත් සෙට් එකම පේන්න හිනා වෙවී අපි ඉස්සරහ හිටියේ මන් ඇරුනම මෙතන හිටිය හැමෝම හොදට හිනාවෙද්දි. ඔව් හැමෝම........

කැප්ටන් .... මන් එයාව දැනගෙන හරියටම කිව්වොත් දැකලා අදට සතියක් උනාට ඒ මූණේ මෙහෙම හිනාවක් දැක්ක ෆස්ට් ටයිම් මේක. ඒ හිනාව...... කැප්ටන් කොච්චර නපුරු දරුණු සැර කෙනෙක් උනත් හිනාවෙනකොට තියෙන්නේ හරි නිවුන පාටක්. ඇස් දෙක හීනීවෙලා ගිහින් මේ අර සීතල කැපාමද කියලා හිතෙනවා. තනිකරම ඉනාවක් වගේ.  ඒක හින්දමද මන්දා එක තත්පරේකට මගේ ඇස් බලන් හිටියේ ඒ දිහා විතරමයි...... ඒ උනාට තත්පර කීපයයි මට ඒ හිනාව දිහා බලන් ඉන්න පුලුවන් උනේ. මොකද ක්ශනයයි අර ලස්සන හිනාව කට කොනින් දාන හිනාව වෙලා සෙමියොන් අයියා දිහා බැලුවේ අරූ අයියත් නියම ෆිල්ම් එකක් බලන්න වගේ මගේ කරටත් අත දාගෙන හොදට හරි බරි ගැහිලා ඒ පැත්ත බලනකොට...

ඇත්තටම කවුද මේ.......... හැමෝගෙම මූණු වල තියන හිනාව. ඇයි ඒ......  ඒක තමා මේ වෙලාවේ මට තියන ලොකුම ප්‍රශ්නේ.

කළු ඩෙනිමට කළු පාටම ශර්ට් බ්ලවුස් එකක් ඇදලා ඒක ඩෙනිමට යට කරලා කොන්ඩේ පෝනියෝ බැදලා ඩෙක් ශූස් දෙකක් දාලා හිටපු කෙල්ලෙක් එකපාරටම අතේ තිබ්බ මොකක්දෝ මල්ලක් කැප්ටන් අතට වීසිකරලා කෙලින්ම සෙමියොන් අයියා දිහාට ආවේ අනිත් කෙල්ල නම් කැප්ටන් ලගට වෙලා හිනාවෙවී ඉද්දි. එතකොට මේ දෙන්නා අපේ කැප්ටන්ගෙයි සෙමියොන් අයියගෙයි ...........

" ඕන් බලපන් අභියෝ ........ ලස්සන දර්ශනයක් තිරගත දෙන්න යන්නේ.... ඒක නෙවේ මොකෝ ඔය මූණ "

" ආහ්... නැ නෑ මොකුත් නෑ "

මන් දන්නේ නෑ මගේ මූණට මොනවා වෙලාද කියලා. ඒ උනාට පපුවේ පැත්තක් බරයි වගේ. හේතුවක් මට තේරෙන්නේ නෑ... තේරුන්ගන්න ඕනත් නෑ. ඒත් තවත් මෙතන ඉන්න ඕනේ නෑ කියලමයි හිතුනේ. ඉක්මනට මෙතනින් යමන් ශානෝ අද උඹගේ මංගල අයිපී එල් මැච් එක.  ඒක හින්දා මන් මටම කියාගෙන එතනින් එන්න ආවේ අර ආපු එක ගෑණු ලමයෙක් සෙමියොන් අයියගේ බෙල්ල ගලවන්න හදද්දි.

Hat Trick Место, где живут истории. Откройте их для себя