chapter 14

509 72 25
                                    

අද කතාව පටන් ගන්න කලින් මේක කියලා ඉන්නම් හොදේ. දැන් ශාන් ලංකාවේ යිබෝ ඕස්ට්‍රේලියාවේ වීදිහට නේ කතාව යන්නේ. ඒත් ඒ දෙන්නා හම්බෙන්නේ ඉන්දියාවේදී. ඉතින් හැමෝටම පොදු භාශාව ඉංග්‍රීසි. ඒක හින්දා ඔය රටවල් ටිකේම කට්ටිය ඉන්න වෙලාවට මන් සිංහලෙන් විදිහට දෙන්නේ එයාලා ඉංග්ලිශ් වලින් කතා කරන කොටස් තමා හොදේ. නැත්තන් කතාවම ඉංග්ලිශ් වලින් ටයිප් කරන්න වෙනේ. 🤭 ලංකාවේ කොල්ලො ටික විතරක් ඉද්දි කතා කරන්නේ සිංහල. ඒක ඉතින් තේරෙනවනේ.  බැරිවෙලාවත් ඩයලොග් ඇතුලේ මන් තද අකුරින් මොනවා හරි දාලා තිබුනොත් ඒ හැමෝම ඉන්න තැනක අනිත් අය ඉංග්ලිශ් වලින් කතා කරද්දි එයාලා සිංහලෙන් කතා කරනවා කියන්න හොදේ.... ම්ම් පැටලුනා වගේද. එහෙම නෑනේ නේ.  අවුල් සහගතයි වගේනම් අහන්න හොදේ.

එහෙනම් යන් නේ කතාවට......

✳✳✳✳✳✳✳✳✳✳✳✳✳✳✳✳✳✳✳✳✳✳✳✳✳✳✳

✳✳✳✳✳✳✳✳✳✳✳✳✳✳✳✳✳✳✳✳✳✳✳✳✳✳✳

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


" දිග දවසක්.... මන් හිතන්නේ අද හැමෝටම මහන්සී දවසක්. ඒ වගේම හැමෝම සතුටින් ඉන්න දවසක්. ස්පෙශලි මන් ඉන්නේ මාරම හැපී එකේ. මොකද මන් තෝරගත්ත ටීම් එක මගේ තීරණ නිවැරදී කියලා ආය පාරක් මට පෙන්නුවා "

බේබියගේ ඕවර් එකයි පොරගේ වැඩකෑලීයි අනිත් මිනිස්සු එක්ක හිනාවෙලා මට විතරක් ගෑස් දාපුවයි , පොඩීගේ ඕවරෙයි හැමදේම ඉවර වෙලා කට්ටියම ලෑස්ති උනේ වට මේසේ සාකච්ඡාවට. මට දිරවන්නේ නැතිම සීන් එක. ඒත් ඉතින් පපා කතා කරද්දි අහන් ඉන්න ආසයි. මොකද එයා දේවල් දිහා දකින විදිහ මාර පර්ෆෙක්ට් ඒකමයි මිනිස්සු එයාට එච්චරට ආදරේ කරන්නෙයි ගෞරව කරන්නෙයි. දැනුත් පේන්නේ නැද්ද කෝච්ලයි ඔක්කමලා පිට්ටනිය මැද බිම ඉදගෙන පපා කතා කරන දිහා බලාගෙන ඉන්නේ මහ බබා පොලවට ඇවිත් කතා කරන දිහා බලන් ඉන්නවා වගේ. ඔක්කටම හපන් බේබියා ඒ ඇස් නිකන් දිලිසෙනවා වගේ. ෆ්ලෑශර් ලයිට් සෙට් කරලද මේ කොල්ලගේ ඇස් වලට.

hat Trick Where stories live. Discover now