chapter 12

497 76 30
                                    

" මන් ගැන කියනවා ඇහුනා. මොනවද කිව්වේ කියපන්කෝ "

"...... "

" බලන් යද්දි උඹ හෙනම ෆේමස්නේ බන් ශානෝ. මෙච්චරලා කියවපුවා අපිටත් කියහන් ඉතින් අගය කරන්නෙ නැතුව "

මන් මොකාදෝ එකා වගේ බලන් හිටියා මොකුත් කියන්නෙ නැතුව. දැන් මන් මොනවට මේ යකාට කියන්න ඕන. දෙයියනේ හොදට කටකපලා නිදි කියලා හිතපු මනුසායනේ මේ. සීට් එකේ හිටිය ඇක්ශන් එක මන් හිතුවේ මලාට නැගිට්ටවන්න බැරි වෙයි කියලා. මෙව්වනේ යකෝ ඇක්ටින්. ඔස්කාර් එකකින් දමලා අරින්න තියෙන්නේ. එච්චරට කම්ෆියුස් මන්. අර මනුස්සයා ගියපු  ගමන් ආපහු කඩා පාත්වෙලා දැන් විස්තර අහනවා. හරිම උදාරයි කල්පයියා උඹේ වැඩ.

" කියපන්කෝ...... ශානෝ..... මන් හොද කීපර් කෙනෙක් කිව්වා නේ... ඈ..... ඈ...... "

" යකෝ ඔක්කම අහන් ඉදලා දැන් ආය අමුතුවෙන් මොනවද මගෙන් අහන්නෙ. කිව්වා තමා. උඹේ කට නම් ගන්න දෙයක් නෑ කිව්වා "

අර යකා මාව හොල්ල හොල්ල බෙල්ල ගලවන්න හදපු නිසා මන් ඉතින් කියලා දැම්මා තමා මේකා දැම්මේ නැද්ද මට බැල්මට් එකක් සැක් ඒකටනම් ඇග කිලිපොලා ගියා වගේ එච්චරට අප්සට්.

" අනේහ් පල යන්න. මට හොදට ඉංග්‍රීසී පුලුවන් හොදේ. නින්දෙන් අහගෙන හිටිය කතාව ඉතින් වෙන එකක්. ඒ උනාට. මන් හිතුවට වඩා ඒ කොල්ලා හරි වෙනස් නේ බන් "

" ඇයි කොහොමද හිතන් හිටියේ "

මේකයි ඉතින් මාත් හිතන් හිටිය විදිහට වඩා වෙනස් තමා.

" කොහොමද හිතන් හිටියේ අහන්නේ බන්. තාත්තා ෂෙන් ෂෙවෝන් වංග් හින්දා මන් හිතුවේ මේ කොල්ලත් හෙනම සීන් එකෙන් ඉන්න පොරක් කියලා. බලපන්කෝ කිසි ලොකු කමක් නැතුව ඇවිත් කතා කරපු හැටි "

" සිරා ඈ. මාත් කම්ෆියුස්..... කොහෙද බන් අයියේ අපි පොතට කලින් හැමදාම පිටකවරෙනේ බලන්නේ ඒකනේ අවුල "

ඒ අස්සේ මට සින්දු කෑලිත් මතක් වෙනකොට මන් කිව්වේ හෙනම සීරියස් මූඩ් එකකින්. ඒත් කියන්න සතුටුයි රංජනී අපේ කල්පයියා ඉංග්‍රීසීයෙන් සිදුවක් වගේ මොකක්දෝ මල ඉලව්වක් කියන්න ගිහින් මගේ සීරියස් මූඩ් එක නැතිබන්ගස්තාන කරලා දැම්මා හරිම කැත විදිහට. ඇත්තටම පොරගේ ඒ අමුතු කතාව අහන් ඉදලා මට නිකන් කෝමා වගේ. එච්චරට උදාරයි.

hat Trick Where stories live. Discover now