chapter 15

456 67 21
                                    

✳✳✳✳    ✳✳✳✳     ✳✳✳✳      ✳✳✳✳     ✳✳✳✳

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


✳✳✳✳    ✳✳✳✳     ✳✳✳✳      ✳✳✳✳     ✳✳✳✳

Yibo's pov

කොළ පාට. ඒක තමයි මගේ ආසම පාට හේතුවක් නොතේරුනත් දන්න කාලෙක ඉදන් කොල කළු කියන්නේ අන් ආසම පාට. එහෙමයි කියලා මන් හැමවෙලේම කොලපාට ඇදුනුයි ගන්න හැමදේම කොලපාටින් ගන්නයි යන්නේ නෑ.  ඒත් මට විශේශ මොකක් හරි තියනවනම් ඒකට කලස් එකතු කරද්දි කොළ කළු කියන්නේ මගේ පලවෙනි චොයිස් එක.

මේ පාර අලුතින් එකතු උන සෙට් එක.... අපේ අන්කල් එයාගේ ටීම් එකට කලර්ස් සිලෙක්ට් කරේ මායි සෙමියොනුයිත් ඉන්දියාවට ආවට පස්සේ. හරියටම කිව්වොත් අපි ආපු දවසට පස්සේ දවසේ. රෑ කෑම වෙලාවේ හැමෝම ලග තියාගෙන අන්කල්ගේ හිතේ තියන විදිහයි ටීම් එක ඩිසයිඩ් කරලා තියන විදිහයි එක්ක කට්ටියගෙන යෝජනා බර ගානක් ඇහුවා. මොකද ඔක්කම කන්ෆෝම් කරගෙන පාටක් හිතාගන්න බැරුව එයා ඉදලා තියෙන්නේ. ඇයි ඉතින් අනිත් ටීම් වල කලර් එකත් එක්ක ගත්තම වෙනස් වෙන්නත් ඕන ඒ එක්ක ගැලපෙන්න්නත් ඕන ටීම් එකේ නම එක්ක ගැලපෙන්නත් ඕනනේ.

රතු , නිල් , කහ , දම් , තැඹිලි , කලු , රත්තරන් , රෝස ........ ඕන් ඔය පාට ටික කැරකි කැරකි තමා මේ වෙනකන් තිබ්බ ටීම් දහය එයාලගේ ජර්සි එක, ලොගෝ එක හදාගෙන තිබුනේ. ඉතින් ඒක හින්දා ඒ කලස් නැතුව හොදට අවදානේ එන හොද පාටක් තෝරලා දෙන්න කියලා අන්කල් කිව්වම මන් ඉතින් ඒකටත් ගත්ත කටටම කොලයි කළුයි කිව්වේ වැඩිය හිතන්නේ නැතුව පුරුද්දට වගේ. බලාගෙන යද්දි අන්කල්ගේ වයිෆ්ගෙත් ආසම පාට කොළලු. අපේ අම්මානම් ආස රෝස. එත් රෝස රාජස්ථානය බදු අරගෙන හින්දා අන්කල් අන්තිමට අපේ තේරීමට කැමති උනා. ඒකත් මරු අන්තිමට ලෝගෝ එකයි ඇදුමයි ඩිසයින් කරපු අයත් ඒ කලර් එකට කැමති වෙලා අන්තිමට අද මේ දකින්න තියන ජර්සි එකයි ලෝගෝ එකයි හැදුවා. කාටද ආඩම්බර නේ. කැප්ටන් කියල නෑ යන්තමට වගේ ගෑවිලා ගිය කලාකාමී ඇහැක් තියනවා අපිටත්.

hat Trick Where stories live. Discover now