chapter 27

390 60 39
                                    

yibo' s pov

And when you smile ,
the whole world stops
and stares for a while
' cause boy , you're amazing
just the way you are."

ආහ්...මේ පොඩි කොල්ලා මට මොනවා කරලද කියලා හිතාගන්න බෑ. දෙයියනේ දවසක් වත් ඒ මූණ දකින්නේ නැතුව ඉන්න බෑනෙ මට දැන්. අපේ මමා දන්නවනම් එයාගේ හමුදා පුතාට වෙලා තියන වින්නැහිය මෙතන මල්වෙඩි දානවා.

මගේ පුංචි ක්‍රිකටර්... එයා තමා මේ හැමදේටම මුල. නෑ එයාගේ දග වැඩයි හිනාවෙන ඇදෙකයි.

ක්‍රිකට් ..... මන් ආසද අඩුම ඒක ගැන මට ඉන්ටරස්ට් එකක් තියනවද කියලවත් මන් කලින් දන්නේ නෑ. මොකද අවාරෙට පොල් වැටෙනවා වගේ මැච් එකක් බලපු මනුස්සයෙක්නේ මම. ඒකත් ඕස්ට්‍රේලියාව සෙල්ලන් කරන ඒවා විතරයි. ඒ බැලුවෙත් අපේ ගෙදර පොඩි යකා ටීම් එකේ ඉන්න හින්දයි පපා හිටපු ප්ලේයර් කෙනෙක් හින්දයි මගේ රට ඕස්ට්‍රේලියාව හින්දයි විතරයි. ඒත් දැන් .......

දැන් මට මැච් බලන්න වෙනම හේතුවක් හැදිලා. දන්නෙම නැතුව මම ටික ටික ක්‍රිකට් ගැන උනන්දු වෙන්න පටන් අරන්. දේවල් හොයන්න ක්‍රිකට් ශොට් ගැන බෝලස්ලා ගැන බෝලින් ඇක්ශන් ෆීල්ඩින් ඇක්ශන් ගැන ඕනවට දේවල් හොයන්න මන් දන්නෙම නැතුව මාව පෙලඹිලා. ඒත් ඇයි ..... එයා එක්ක  ඇති හිතෙනකල් කතා කරන්න හේතු නේද මන් මේ හොයන්නේ.

මන් ආර්මි ඔෆිසර් කෙනෙක් උනාට අපේ දේවල් අපිට ආවට ගියාට හැමෝම එක්ක කතා කරන්න පුලුවන් දේවල් නෙවේනේ. ඉතින් මන් හැමවෙලේම හොයන ඒ ඇස් එක්ක කතා කරන්න නම් එයා කැමති දේවල් ගැන මන් දැනගෙන ඉන්න එපැයි. සෙමියොන් කියන්නේ එහෙම. ඉතින් දැන් සති දෙකක් තිස්සේ මට වෙලා තියෙන්නේ උගේ දේශනා වලට අමාරුවෙන් හරි කන දාගෙන ඉන්න. අම්මපා උගේ පඩි වදන් අහන් ඉන්නවට වඩා සැපයි අපේ හසෙල්ගේ සිංහල අහන් ඉන්නවා. එච්චරට සනීපයි මේ යකා ක්‍රිකට් ගැන කියවන්න ගත්තම. අකුරු හතරක් නිසානේ මේ සේරම කියලා මතක් උනාම අමාරුවෙන් උනත් අහගෙන ඉන්නවා. දරාගන්න බැරිම වෙලාවට සෙමියොන් අහක යන සපත්තු පාරක් කන එක විතරයි ඉතින් වෙන්නේ.

ඒත් හොදම දේ ඒක නෙවෙයි. ඉස්සර නමට බැලුවා කියන්න පොඩ්ඩක් මැච් එකකට ඔලුව දාලා එන මනුස්සයා දැන් ටොස් එක දාන එකෙ ඉදන් ග්‍රවුන්ඩ් එකෙන් හෙල්ලෙන්නේ නෑ. කාන්පූර් සෙට් එක කොයි වෙලේද පිට්ටනියට එන්නේ මගේ ඇස් ග්‍රවුන්ඩ් එකෙන් එලියට ගන්නවා කියන්නේ කරන්න පුලුවන් වැඩක් නෙවේ කරන්න බැරි වැඩක්. මොකද දැන් දැන් මුලු වෙලාව පුරාම එක ක්‍රීඩකයෙක් පස්සේ දුවන් පටන් අරන්නේ මේ ඇස් දෙක. එක ක්‍රීඩකයෙක්ගේ ලොකුම රසිකයා වෙලා මේ යිබෝ. ඉතින් පොඩිම කොටසක් හරි මිස් කරන්නේ කොහොමද.

hat Trick Where stories live. Discover now