chapter 5

532 72 34
                                    

" ශ්‍රී ලංකා........ ශ්‍රී ලංකා....... ශ්‍රී ලංකා ........... "

දන්නවද ඒ හැගීම මොනවගේද කියලා. ග්‍රවුන්ඩ් එක මැදට වෙලා තමන්ගේ රට වෙනුවෙන් සෙල්ලන් කරද්දි ඒ ඇහෙන චියර් එකට වෙලාවකට ඇගේ හිරිගඩු පිපෙනවා. පුදුම හයියක් හිතට දැනෙන්නේ. ඒකත් තමන්ගේ නොවන වෙනත් රටකට ගිහින් සෙල්ලන් කරද්දි ඒ රටේ ප්‍රේක්ශකයන්ගේ සද්දේ පරයලා අපේ රටේ නම ඇහෙද්දි දැනෙන විදිහ , ඒක කියන්න තේරෙන්නෙ නෑ.

හොදම දේ දැන් අපිටත් ලෝකේ මොන රටකට ගිහින් සෙල්ලන් කරත් දහයක් පහලවක් හරි ඉන්න අපේ ෆෑන් බේස් එකක් තියනවා. දැන් මේ අපි සෙල්ලන් කරන බංග්ලාදේශයේ උනත්. මන් දාපු පලවෙනි ඕවර් එකේ පලවෙනි බෝලෙටම විකට් එකක් යද්දි කෑ ගහලා විසිල් ගහලා ශ්‍රී ලංකා කියනවා ඇහුනම දෙවෙනි බෝලේ ඊටත් වඩා හොදට දාන්න තමා අතට ගත්තේ.

දුවලා ඇවිත් අත කරකලා දැම්මා හලෝ. කලින් වතාවේ බෝලේ දාලා ඉවර වෙද්දි ශ්‍රී ලංකා කියනව වෙනුවට මේ පාර සූ.....ස්ස්ස්ස්ස්ස් ගාලා සද්දයක්නේ ඇහුනේ.

සූ.....ස්ස්ස්ස් නෙවේ සාන්ත වෙලා තියන වින්නැහිය දැක්ක වෙලාවේ මගේ පපුව හෝස් ගාලා ගියා.

දෙවෙනි බෝලේ මිස්ටෑර් සෙනින්ටාස් ගේ බැට් එකේ වදින්නේ නැතුව තුන්වෙනි විකට් කණුවට ඔන්නමෙන්න ළගින් ගියේ. අපරාදේ යකූ සෙනින්ටාස්ව බින්දුවට හරවලා යවන්න තිබ්බ චාන්ස් එක. කල්පයියා ගානට බෝලේ පාස් කරලා ක්ලැප් කරේ නියමයි කොල්ලෝ කියලා බෙරිහන් දෙන ගමන්. රෙහාන් අයියත් ලගට ඇවිත් පිටට තට්ටුවක් දාලා නියමයි කොල්ලෝ කියල තව අරවා මේවා විස්තර ටිකකුත් කියලා ගියා. පුලුවන් නම් ස්පීඩ් එකක් දාපන් කියලා. සාමාන්‍යයෙන් දැනට මන් බෝල් කරන ස්පීඩ් එක 145 - 149 අතර තමා දෝලනය වෙන්නෙ. ස්ලෝ බෝල් එකක් දැම්මොත් 130 - 135 වගේ දනවා. ඒත් දවසක 150+ දාන්නම ඕන.

ඒත් ඒක පස්සේ දවසක බලමුකො. දැන් බලපන්කෝ අර ගැටපොලොස් හිපාටු සෙනිටයිසරයා කින්ඩියට හිනාවෙන කැත. තිබ්බා බොට හිනාවෙන්න බෝලේ විකට් එකේ වැදුනනම්. අයියෝ සාමී මේකුන් හැදිලා කියලනේ හිතුනේ ආදරෙන් කිරිබතුත් කැව්වා දැන් මුන් කින්ඩියට හිනාවෙනවා. බලාන් හිටපන්කෝ පුතේ උඹෙ විකට් එක ගන්නෙත් මන්ම තමා.

hat Trick Where stories live. Discover now