chapter 8

458 69 30
                                    

" The final over. Bangaladesh need 11 runs to win "

කරුණාවෙන් මන් කියන දේට සවන් දීලා උදාර සිතැත්තෙක් ගිරිය කඩාගෙන මයික් එක උඩ නැගගෙන ඉන්න අන්කල්ලා දෙන්නගේ කට පොඩ්ඩක් වහනවද. ඇයි යකෝ එකොලහ එකොලහ එකොලහ. මට දැන් එකොලහේ ඒවා ඔලුවේ වටේ කැරකෙනවා වගේ මගුල.

ටීම් එකේ මන් එක්ක ඉන්න එකොලහම මාව වටකරගෙන රටේ නැති මගුල් කියනවා. ඒ අස්සේ කල්පයියා දෙවෙනි බුරියානියකටත් පොරොන්දු උනා. මේ යන විදිහට මෑන්ට එක මාසෙක පඩියෙන් භාගයක් මට කන්න අරන් දෙන්න අයින් කරන්න වෙයිද දන්නෙ නෑ.

ඒ අස්සේ කුශාන් අයියා ස්ලෝ බෝල් දාපන් ස්ලෝ බෝල් දාපන් කියලා වැලලෙන්න හදනවා. වෙලාවට මේක තණකොළ තියන පිට්ටනියක් උනේ. නැත්තන් මේ යකා පොලවේ තියන පසුත් කනවා මට ස්ලෝ බෝල් දාපන් කියලා. තණකොළ කාලා හරකෙක් වෙන්න බැරි නිසා පොර ඉවසන් ඉන්නවා මන් හිතන්නේ.

අනිත් පැත්තෙන් බැට්මන්ස්ලා එයාලා හිතන විදිහ මෙහෙමයි ඒක හින්දා අරහෙම දාපන් කියලා මතුරනවා. රෙහාන් අයියත් කණ්ඩායම් නායකයයි ඕල්‍ රවුන්ඩර් කෙනෙක් විදිහටයි පුලුවන් තරම් මාර රිලැක්ස් කරලා ෆීල්ඩින් පුලුවන් සුපිරිම විදිහට හැදුවේ මන් බෝලේ දිහා බලාගෙන අනාපානාසතිය වඩද්දි.

බෝලේ මන් කියන දේ අහපාන්. උඹ එක හයක් හරි ගියොත් බඩ මැදින් පලලා ඇතුලට ගොම දානවා හොදේ. ඒක හින්දා අරූ හයියෙන් ගැහුවත් උඹ හිමීට පලයන් අය කියන්නෙ නෑ මන්.

" ශානෝ........ විකට් දෙකයි මයේ අම්මා තියෙන්නේ.  ඉර ලගට වෙන්න දාපන් "

" කමෝන් බෝයිස් "

" මයි ටයිස් හෑස් කම් "

කල්පයියා බෙරිහන් දෙනවා මදිවට මගේ යටිහිතත් මාව ජෝක් එකට අරගෙන. වෙන රටකට උනානම් විකට් අටක් ගිහින් තියන වෙලාවක බයවෙන්න ඕන නෑ. ඒත් බංග්ලාදේශයේ තේමා පාඨේ නෙවර් ගිව් අප්. ඒ ටීම් අටවෙනි විකට් එකට එන එකාටත් ගහන්න පුලුවන් හොදට. ඉතින් මන් ටෙන්ශන් වෙන එක සාදාරනයි නේද.

අවසානෙට මන් බෝලේ ගත්තා අතට. හොද හුස්මක්...... මන් හිතන්නේ වටේම තිබ්බ ඔක්සිජන් ඔක්කම මගේ පෙනහලු බදුගත්තා වෙන්න එච්චර සැරට ඒ හුස්ම ඉහලට ඇදුනා. කාම් ඩවුන් යූ කැන් ඩූ ඉට්. මන් මටම කියාගෙන අවසානෙට සැහැල්ලු වෙලා දුවගෙන ආවේ බැට් කරන්න හිටි එකා නැකත හරි කියලා ඇවිත් හිටගද්දි.

hat Trick Where stories live. Discover now