පළමු කොටහා

3K 290 29
                                    


වර්තමානේ


( වෝට් එකකුත් හලන් යන්නෝ 🤗🙃)
.
.
.
.
.
.
.
.

උපන්දා ඉදන් හැදී වැඩුනේ කොළබ වුනාට අනාත නිවාසේ ඉදලා ස්කෝලෙටයි ස්කෝලේ ඉදලා අනාත නිවාසේටයි යන මම තනියම කොළබ වටේ ඇවිදින්න නොදන්න තරම්. අවුරුදු විස්සත් ලබපු නිසා මම දැන් මෙහෙ හිටිය කාලෙත් ඉවර වීගෙන එන්නේ. කොහෝම හරි රස්සාවකුයි ඉන්න හිටින්න තැනකුයි හොයා ගන්න ඕනී.

මගේ වයසේ අනිත් ළමයි නම් මේ වෙද්දීත් මෙහෙන් ගිහිල්ල හිටියත් පොඩි උන් නිසා මට පාළුවක් නොදැනෙන තරම්.









" සුදායියේ........... මදේ කොන්දේ කපා දෙනෝද.... ආ කතුල "

පොඩි එකාගේ කොන්ඩේ කෙල්ලෙක්ගේ වගේ දික් වෙලා. මොන්ටිසෝරි ටීච වත් කොන්ඩේ කපන්න කියන්නැති. ඒක තමයි මේ පුංචා තකහනියේ මාව හොයන් ආවේ.

" චුටියෝ යන් අර බන්කුවට. අම්බෝ උකුණු තඩියොත් මේකේ ඉන්නවද දන්නෑ "

මන් හිනා වේවි පොඩි එකාගේ කොන්ඩේ අත ගෑවා.


" අලේ ඉන්නෝ මේ.... චුතිගේ ඌව කලනෝ මේ.. මේ... "

" ආ ආ බබරේ වගේ කැරකෙන්නැතුව ඉන්න හොදේ. නැත්තම් මේ කනත් කතුරෙන් කැපෙයි හොදේ "

කොච්චර දගලන්නෙපා කිව්වත් මේ කොල්ලා කකුල් පද්දනවා ඔලුව හොලවනවා ඉදන් හිටියත් වැඩ කෝටියයි. පව් අම්මා හිටියනම් කොල්ලට.


" ළමා ආ ආ ආ යි...........එන්න ඇතුලට හැමෝම එන්න. ලොකු මැඩම් ඉක්මනට එන්න කිව්වා "

අතු ගාන ඇන්ටි කෙනෙක් එහෙම කිව්ව පාර මායි චූටියයි එතන හිටිය පොඩ්ඩෝ හතර පස් දෙනයි විජහට විජහට ඇතුලට යන්න ගියා.


ලස්සන පවුලක්. අම්මයි තාත්තයි පොඩි කෙල්ලෙකුයි, මගෙ වයස විතර කොල්ලෝ දෙන්නෙකුයි. අද පොඩි කෙල්ලගේ උපන්දිනේ නිසා අපිට දවල්ට කෑමයි තෑගියි දෙනවලු. දැන් නම් අපේ අනාත නිවසේ ළමයි පනහක් හැටක් විතර තමයි ඉන්නේ.


අපි ඉතින් හැමෝම මේසේ වටේ ඉද ගත්තට පස්සේ අපේ පිගන් වලට බත් බෙදන්න ගත්තා. මුහුදු මාලුයි, කැරට් සම්බෝලේකුයි, ගෝවා බැදුමයි, පොලොසුයි. ම් ම්.... පුදුම රසක්.


අත් වැරැද්ද ( Completed )Where stories live. Discover now