කැම්පස් පටන් ඇරගෙන සතියක්ම ගෙවිලා ගියා. ඒ සතිය ඇතුළත මට පුළුවන් වුණා කොස්තාපල් වරයෙක් විදිහට ඉස්සෙල්ලාම පොලීසියට බැදෙන්න. එහෙන් මට ඉන්න ගෙදරක් වත් නැති නිසා පොඩි ක්වාටස් එකක් මට හම්බුනා. ටිකක් පරණ වුණත් සුද්ද බුද්ද කරලා ගත්තට පස්සේ ඒකෙ හොදට ඉන්න පුළුවන්. මෙහෙ ක්වාටස් ටිකක් ඈතට ඈතට වගේ තියෙන්නේ . ඒ නිසා හොදට ඉඩ පාඩු තියෙනවා. විවේක කාලයක් හම්බුනු හැටියේ මන් මුළු ඉඩමම සුද්ද කරනවා එළවලු කොටුවක් හරි දා ගන්න. එතකොට කඩෙන් එළවලු ගන්න ඕනිත් නැහැ නෙ.
ටික්කා ඇර කැම්පස් එකේ කවුරුත්ම දන්නෙත් නැහැ මන් දැන් පොලීසියේ කියලා. අර මහත්තයා නම් කිව්වා කැම්පස් එකේ කාටවත්ම මන් පොලීසියේ කියලා කියන්නවත් එපා කියලා. මට ප්රශ්න ඇති වෙන්න පුළුවන්ලූ. ගොඩක් වෙලාවට මට රස්සාව නිසා කැම්පස් එන්න බැරි වුණත් ටික්කා එයාලගේ යාලුවන්ගෙන් හරි සටහන් ඉල්ලගෙන මගෙ පොත් වල සටහන් ලියනවා. ටික්කා ඉතින් සමහර දවස් වලට මාත් එක්ක ක්වාටස් එකේ ඉන්නත් එනවා.
අද පාන්දරම නැගිට්ට මන් ඊයේ රෑ අයන් කරපු මගෙ නිළ ඇදුමත් ඇදගෙන කොටට කපාපු කොන්ඩේ තෙල් ටිකක් වෙන්න ගාලා හොදට පීර ගත්තා.
" නිලූෂ ඉක්මනට එන්න. සාජන් මහත්තයා කතා කරා අපිට. "
දමිත මට මෙහෙදි හම්බුනු අනික් යාලුවා.
" ගිහිල්ලා වාහනේට නගින්න කොල්ලනේ . අපිට පණිවිඩයක් ආවා දියතෙන් බැරල් දෙකක් හම්බුනා කියලා. ඉක්මනට ගියා නම් වැඩේ ලේසි අපිට "
එහෙනම් ගංජා වත්තක් වත් ඒ පැත්තෙ හදලා ඇති මෙලහකට කවුරුහරි. අද හවස දේශනේට මට යන්න බැරි වෙයිද මන්දා.
" උබ කාලද ආවේ බන් "
" කහට එකක් බිව්වා මන්. බත් කන්න වෙලාවක් තිබ්බේ නැහැ දමියෝ "
" අයියෝ බන් කඩෙන් බත් එකක් වත් ඇරගෙන කන්න තිබ්බනේ "
වලව්වේ වැඩ කරාපු හරියෙන් හම්බුනු සල්ලි වියදම් වෙලා වියදම් වෙලා සොච්චමයි ඉතිරි වෙලා තියෙන්නේ දැම්. මේ මාසේ පඩිය ගන්නකම් ඉතිරි සල්ලි සොච්චමත් තියා ගන්න ඕනී දවසකට එක බත් වේලක් හරි කන්න. පඩිය හම්බෙන්නත් තව දවස් පහක්ම ඉතිරි. පුළුවන් තරම් මන් කැම්පස් එකට යන්නෙත් පයින් . මගෙ දරුවවයි හාමුවයි බලන්න තාම ගොඩ දවසකින් ගියෙ නැහැ. පුළුවන් තරම් දේශන වලට ගිහිල්ල ක්වාටස් එකට ඇවිල්ලා ඇදුමුත් මාරු කරගෙන යන්නෙ එහෙන්ම වැඩට. ඉතින් මට ආයේ කොහෙද ක්වාටස් එකේවත් ඉන්න වෙලාවක් තියෙන්නේ. සමහර දවස් වලට රෑට වැඩට ගිහිල්ලා උදේට දේශන වලට ගිහිල්ලා වාඩි වෙලා නිදි කිරනවා.
YOU ARE READING
අත් වැරැද්ද ( Completed )
Non-Fiction" වීරන්කෙඩුව වලව්වේ පුංචි හාමු අවසරද මට......... පුංචි පැටියගේ චූටි අප්පච්චි වෙන්න " - නිලූෂ සත්සිදු -