දාහතරවැනි කොටහා

940 91 7
                                    


අද තමයි ට්‍රිප් එකේ අවසාන දවස. ඊයේ උදේ ඉදන් බේබී හාමු මට පුප්ප පුප්ප හිටියත් රෑට නිදා ගන්න කොට නම් සෑහෙන්න මාව ඕනී වුනා. මුලදී මයෙ අත උඩ නිදා ගත්ත බේබී හාමු උදේ නිදන් හිටියේ වෙන කොහෙවත්. නුරාද රෑ නින්දෙන්ද මන්දා මයෙ පපුව උඩ ඔලුවත් තියන් මාව බදා ගෙන කටත් ඇරන් නිදි.

උදෙන්ම කෑම කාලා ලෑස්ති වෙලා අපි ඔක්කොමලම ආවේ යාපනේ මිදි වත්තට. පස්සේ බෝට්ටු වලින් නයින තිව් වලටත් ගිහිල්ලා අවසානේ දඹකොළ පටුනටත් ගිහිල්ල තුන විතර වෙද්දී බස් එකට නැග්ගේ හෙම්බත් වෙලා.  මන් අපි ගත්ත මිදි පෙට්ටිය ෂීට් එක යටට දාලා වාඩි වුනත් හරි මට දැනුනේ පුදුම සනීපයක්.

" මහන්සිද "

" ම් ටිකක් මහන්සි තමයි බේබී "

" මන් කිව්වා පැටියව වඩා ගෙනම ඉන්නැතුව බිමින් තියන්න කියලා. කොහේද ඉතින් ඔයාගෙත් පණ්ඩිතකමනේ ඉතින්. "

ඔන්න ඔන්න කියවන්න පටන් ගත්තනේ ඉතින්.

" එහෙම කොහොමද දැක්කේ නැද්ද පයින් යද්දි පැටියාගේ මූණ. "

" සර් සර් "
මන් එහෙම කියද්දී පිටිපස්සේ හිටිය මනුජ එයාලගේ සර්ට කතා කරත් හරි මාත් පිටි පස්ස බැලුවා.

" සර් ඊයේ අපිට හක් ගෙඩි තුන හතරක් හම්බුනා.  මෙන්න සර්ටත් එකක්. "

අපේ අම්මෝ බේබිගේ මූණ. හොදටම ලැජ්ජා හිතිලද කොහෙදෝ.

" ත් තැන්ක්ස් පු තේ "

" අයියෝ ඕක මොකක්ද සර්. ඊයේ සර් කඩාගෙන බිදගෙන දිව්වනේ ඉතින් "

හිනා වෙලා කිව්ව ඒ ළමයට එයාලගේ සරුත් චූටි හිනාවක් දීලා ජනේලේ පැත්ත බැලුවේ මට නම් එකදු බැල්මක් වත් නොදී. මන් හිතන්නේ ඊයේ සිද්දිය ආයේ මතක් වෙලා.









"  චූටි තාත්ති "

වාහනේ වලව්ව ඇතුළට දාපු ගමන්ම දෙව්මි ඇතුළේ ඉදලා අපි ගාවටම දුවන් ඇවිල්ලා වාහනේ දොර අරින්නත් කලින් දොරේ එල්ලුනේ චූටි තාත්ති කියා ගෙනම. ඒත් එක්කම කමනි නැන්දයි සෝමේ මාමායිත් එක්කලම නිර්මලුත් එළියට ආවේ දෙනුවනුත් එයාලයේ පිටි පස්සෙන් එද්දී.

අත් වැරැද්ද ( Completed )Where stories live. Discover now