එකොළොස්වැනි කොටහා

1.7K 180 35
                                    



     මන් ඇස් ඇර ඇර නැගිටිද්දී මගෙ ඔලුවට තඩි ගලක් අත ඇරලා වගේ තමයි රිදෙන්නේ.

" අ හ් "

දෙයියනේ නුරාදත් මගෙ බඩට පැන්න පාර මට දවල් තරු පේන්න පටන් ගත්තේ ඔලුව මදිවට යටි බඩත් රිදුනු නිසා. මන් ඊයේ රෑ එතකොට බේබි ගේ කාමරේ තමයි නිදන් තියෙන්නේ එහෙනම් .

" ආ ආ "

පැටියා මයෙ කම්මුලට අතින් තට්ටු කර කර මොනවදෝ කියන්න හදනවා.  දැන් නෙ මට ඊයේ රා උගුරු ටිකක් බිව්වා කියලා මතක් වුනේ. මන් ඊයේ රෑ මොන ජවුසමක් නැටුවද මන්දා. මෙලෝ දෙයක් හරියට මතකත් නෑ.
භාගෙට ලිහිලා තිබ්බ සරම් කොටෙත් හදන් පැටියවත් ලූණු කරේ තියන් මයෙ කාමරේ බලා පිටත් වුනේ සින්දුවකුත් හීනිවට මුමුණ මුමුණ. පොඩි බේබි පේන්න වත් නෑ. මගෙ කාමරේ ළගටම යද්දි මට‍ හම්බුනේ කමනි නැන්දව.

" අපේ අප්පේ කොල්ලෝ ඇයි කන්න ආවේ නැත්තේ "

" මන් දැන් නෙ කෙල්ලේ නැගිට්ටේ. මට‍ බත් එකක් වත් බෙදලා තිබ්බේවත් නැද්ද ඉතින් "

" මන් කුස්සියේදි මැටි කෝප්පෙට දාලා අයින් කරා. දැන් වත් මූණ කට ඩිංගක් වත් හෝදන් බත් ටිකක් කාලා ඉදින් බන්.   අටත් පහුවෙලා. මළ පෙරේතයෙක් වගේ "

දෙයියනේ මෙච්චර ලස්සන කොල්ලෙක් කොහොමද කමනියෝ මළ පෙරේතයෙක් වගේ වෙන්නේ.  මන් පැටියා එක්කලා කාමරේට එද්දී මයෙ කාමරේ ගන්න දෙයක් නෑ. තැන් තැන් වල පොල් කටු කෝප්ප  මස් කෑලි  කෙසෙල් කොළ  ඊයා මෙව්වා දකිද්දී මට වමනෙට වගේ එනවා .

" චුට්ටන් පැටියෝ ඔතනම පොඩ්ඩක් ඉදන් ඉන්න අයියා පටාර් ගාලා මේ ටික සුද්ද කරලා ගන්නම්කො "

" ඕ "

පැටියා ඔහේ ඇද උඩ සෙල්ලම් කරද්දී මන් අස් පස් කරන්න පටන් ගත්තේ ආයේ කවදා වත්ම බොන්නේ නම් නෑ කියලා හිතා ගෙන. ටිකක් වෙලා ගියාමයි මට‍ මීටර් වුනේ මන් ඇදන් ඉන්න සරමයි කමිසේ්යි මයෙ නෙවෙයි කියලා.

" යා ආ ආ ආ ආ ආ ආ ආ ආ "

ශික් මන් ඊයේ රෑ ඇදුනුත් ගලවන් මොන ජවුසමක් නටලද දන්නෑ. මට නිකම්ම කෑ ගැස්සුනු පාර පොඩ්ඩත් මයෙ දිහා ඇස් බෝල කරන් බලන් හිටියේ පිස්සු හැදිලවද්ද අහන්න වගේ.  ඒ අස්සෙ පොඩි බේබි පේන්න ඇත්තෙත් නෑ.

අත් වැරැද්ද ( Completed )Where stories live. Discover now