පනස්හයවැනි කොටහා

571 75 16
                                    

" මොකක්ද වුණේ කියලා වත් මතක නැද්ද ම් "












ඊයේ රෑ මන් බුදු පහනත් තියෙලා ටිකක් එළියට ඇවිල්ලා බැලුවේ මොකද මේ තාම මයෙ නිලූෂ නැත්තේ කියලා. කොච්චර මන් කෑ ගගහා කතා කරත් එයාගේ සද්දයක් වත් ඇහෙන්නැති වෙද්දී මන් පොඩ්ඩක් ගිහිල්ලා බැලුවේ පාර ළගට. ඒත් එක්කම දැක්ක දේ නිසා මට යටි ගිරියෙන් කෑ ගැහුනේ මයෙ පැටියත් දුවගෙන දුවගෙන එද්දි.  මයෙ නිලූෂ ඔහේ බිම වැතිරිලා සිහියක් පතක් නැතිව ඉද්දි මන් එයාව උස්සලා ගන්න හැදුවත් එතකොට තමයි මන් ආයේ දැක්කේ එයාගේ ඔලුව තුවාල වෙලා කන ළගින්ම බේරීගෙන එන ඒ ලේ. ඒ මදිවට එයාගේ පපුවෙ හැමතැනම හූරලා ඒවගෙනුත් ලේ වැගිරෙද්දී මන් නුරාදවත් එක්ක මහ රෑම ගියේ ඉස්පිරිතාලේ.

එයා සිහිය නැති වෙලා බිමට වැටෙද්දි එයාගේ ඔලුව වැදිලා තිබ්බේ ගලක. කන උඩට වෙන්න ඔලුවේ තනිකර ලේ . ලොකු හානියක් නම් වෙලා නෑ කියලා ඩොක්ට කිව්වට මයෙ මුළු පපුවම පිච්චි පිච්චි තිබ්බේ. ඔලුවත් ඔතලා පපුවෙ තුවාල වලටත් බෙහෙත් දාලා ඔතලා තියෙද්දී පැටියත් හූල්ල හූල්ල ඇදේ ඔලුව තියා ගෙන ඉදලා මයෙ නිලූෂගේ අස්සෙම නින්ද ගිහිල්ලා තිබ්බා. හරියටම පාන්දර හතරයි මයෙ කොල්ලට සිහිය එද්දි.




" ම්හ් නෑ හාමු.... මයෙ ඔලු ව "

" හරි හරි ඉන්න දරුවෝ ඔහොම්මම. මොකුත් මතක් කරන්නත් ඕන්නෑ. කතා කරන්නත් ඕන්නෑ මන් ඉක්මනට ඩොක්ටට කතා කරලා එන්නම් "

මන් ආයේ දිව්වේ ඩොක්ට හම්බෙන්න.






" බය වෙන්න එපා. දැන් සිහිය ඇවිල්ලනේ ලෙඩාට. ඔලුවට ලොකු හානියක් නම් නෑ. ටිකක් විතර ලේ ගිහිල්ලා තිබ්බ එක විතරයි. සිහිය නැති වෙලා ඉද්දි ලොකු සතෙක්වත් පහුරු ගාන්න ඇති පපුව නම්. බලමුකෝ අපි තව ටිකක් "


නුරාදටත් එහෙන්ම එයා ළගම නින්ද ගිහිල්ලා තියෙද්දී ඩොක්ට නිලූෂ එක්ක කතා කරන කම් පැත්තකට වෙලා මන් හිටියා. මට හිතා ගන්න බෑ ඇයියේ මයෙ එකාට සිහිය නැති වුණේ කියලා.

ඩොක්ට ගියාට පස්සේ මාත් එයාගේ ළගම ඉදගෙන හිටියෙ ඒ නළල අත ගගා.








අත් වැරැද්ද ( Completed )Where stories live. Discover now