දහඅටවැනි කොටහා

1K 109 20
                                    

දොස්තරවරු මයෙ දිදුලව කොච්චර හොද කරන්න බැලුවත් එයාට නෙවෙයි ඒ ලෙඩේ පොඩ්ඩක් වත් අඩු වුනේ. අද මයෙ පුතා දිනුල කැම්පස් යද්දි මන් කෙලින්ම ආවේ මහරගම පිළිකා රෝහලට .  මන් යද්දී මයෙ අප්පු ලෙඩ ඇදේ ඉද ගෙන ඔහේ පැත්තක් බලන් කල්පනා කරනවා.

" දරුවෝ "

මන් ඒ හිස් මුදුනට සිපුමක් තියෙලා එයා දිහා මන් බලද්දී එයා දුන්නේ ලා හිනාවක්. ඒ ඇස් ගිලිලා වගේම හකුපාඩ හිටන් පෑදිලා තිබ්බා.

" ම් මහත්තයෝ ඕනී වෙයි කියලා ම න් එක්කහු කරපු සල්ලි ටිකක් ඇති. අනේ ඒ සල්ලිත් අරගෙන මන් මැරෙන්න කලින් මේ පිළිකා රෝහලට ඒ සල්ලි දෙන්න නඩත්තුවට. මට‍ මැරෙද්දි අරන් යන්න තියෙන්නේ ඕවා විතරනේ හාමු "

එයා මට එහෙම කියද්දී මයෙ පපුව ඇදුම් දුන්නේ මට‍ කෙලිම් හිට ගන්න තරම් වත් පණක් නොවේද්දි.  මයෙ සොදුර මේ තරම් ඉක්මනින් මාව දාලා යයි කියලා මන් කීයකට වත් හිතුවේ නෑ. ඉතින් මන් එයා කිව්ව විදිහට පිළිකා රෝහලේ නඩත්තුවට එයාගේ අතින් ඒ සල්ලි දුන්නා . මන් එයා ලව්වාම පුළුවන් තරම් මේ දවස් ටිකේ පින්කම් කටයුතු කරා.

ඉතින් තව දවසක මන් එයත් එක්කම රෝහල් ඇදේ ඉද්දී එයාට ටිකක් අමාරු වුනේ වෙනදට වඩා එයාට කෙදිරිත් ගෑවේද්දී .  මන් දොස්තරට කතා කරන්න යන්න නැගිට්ටත් මන් ආයේ නැවතුනේ මයෙ මැණික කතා කරාට පස්සේ. අනේ ඒ ඇස් වල කදුළු පිටාර ගලනවා හෝ ගාලා.

" ම ට වැ ඩි වෙලාවක් නෑ. එන් න දෙයියෝ ටි ක ක් මෙ හාට්ට.  මයෙ හාමු ට මන් හ රි ආ ද රෙ යි. මන් ම න් ම යෙ ම හ ත්තයටයි පැටියටයි ආ දරෙයි මෙ ප පුව පි රෙන්න. මයෙ හි ත ට සතු ටුයි දෙයියෝ...  ගොඩක් පි න් මන් ල ව්‍වා ම යෙ මහත්තයා යා පින් කෙ රෙ ව්... "

එයා මෙහාට්ට එන්න කියද්දී මන් කරේ එයාව මයෙ උකුලට ගත්ත එක. ඉතින් එයා හරි අමාරුවෙන් වචන ගලප ගලප ඉද්දැද්දීම ඒ බෙල්ල කඩන් වැටුනා. මයෙ දිහාම බලන් හිටපු ඒ මාලානික ඇස් ඇස් පිහාටු ගහන එක නතර වෙලා  මයෙ පපුව උඩ තියන් හිටපු වැරහිලි වෙලා ගිය ඒ අත කඩන් වැටුනා. වා තලයට එයාගේ අවසන් හුස්ම පොද පිටවුණත් හරි මන් ඒ පුංචි සිරුර බදා ගෙන ඉකි ගැහුවේ එයාට ශක්තියමත්ව හිටියා වගේ පෙන්නුව මන් මුළුමනින්ම කඩන් වැටෙද්දී . 

අත් වැරැද්ද ( Completed )Where stories live. Discover now