( වෝට් එකකුත් දාගෙනම යන්න යාලූ 🤗❤️....... )
" හා...... හා...... හා චු ස් "
අම්බෝ හරියට නින්දක් වත් නැති තරම් මට මේ දූවිල්ල නිසා. අනේ මට හම්බුනු අලුත්ම ඇදුම අපරාදේ. වලව්වට ආපු හැටිය මන් මේ මුළු ගබඩාවම සුද්ද කරලයි නිදා ගත්තේ. මෙහෙ ඉන්න ලොකු ආරච්චි හාමු නම් මහා සැර පාටයි. උන්දැගේ වයස හැටියට නෙවෙයි කට තියෙන්නේ. ආපු හැටිය මට බැන්නා කොහේද කැරකි කැරකි ඉන්නේ කියලා.
මන් කවදාවත් මෙව්වාගේ ගාම්භීර ලොකු වලව් දැකල නෑ. ඔක්කොම ඉස්සර කාලේ වගේ තමයි මෙහෙ පුටු ගෙදර බඩු එහෙම තියෙන්නේ. ඊයේ මන් වාහනේට නැග්ගත් හරි ඉස්සරහ හිටිය මනුස්සයා කන්න වගේ මයේ දිහා බලන් හිටියේ. පස්සේ තමයි දැන ගත්තේ ඒ වලව්වේ පොඩි බේබි කියලා. එයාට චූටි පුතෙකුත් ඉන්නවලු. තද තලෙලු පාට නියම කඩවසම් පෙනුමක් තියෙන පොඩි බේබි හරි තේජවන්තයි.
මන් රෙදි ටිකත් අරන් ළිද ළගට ගියා මූණ හොද ගන්න. වැව් වල තියෙන අලි සයිස් ගල් තමයි ළිද ළගට දාලා තියෙන්නේ. ශෝක් රෙදි අතුල්ලන්න නම්.
" ඒයි කොල්ලෝ වරෙන් විගහට "
" ඇයි මාමේ "
" කන්න බන් අඩ ගැහුවේ "
මෙච්චර උදෙන්ම මේ මිනිස්සු කනවද අප්පා. මූණ හෝදන්න පටන් ගත්තා විතරයිනේ. ඔන්න ඔහේ මූණ කට හෝදන්ම යනවා.
ඇයි අනේ කුස්සියේ පැත්තේ කවුරුත් පේන්න නැත්තේ. කට්ටියම කන්න කියලා කොහේ ගිහින්ද මන්දා. එහෙන්ම මන් වට පිටත් බල බලම කාමරත් එකින් එක පහු කරන් වලව්වේ ඉස්සරහ පැත්තට ආවාත් හරි ලොකු ආරච්චි හාමු මාව දැක්ක හැටියේ ගුගුරන්න ගත්තා.
" ඈ බොල තොට වැඩකාරයෙක් අතේ පණිවිඩේ එව්වත් මොකෑ කන්න ආවේ නැත්තේ. මේ වලව්වට ආවා නම් ඒ විදිහට ඉන්ට ඕනෑ. හැමෝ....ම වලාව්වේ හැමෝම උදේ හත වෙද්දී කෑම මේසේ ළග ඉන්න ඕනී. බොලට උදේට කෑම නෑ. මින් පස්සේ ආයේ එහෙම වෙන්න බෑ. දැන් ගිහිල්ල ඉස්සරහ තියෙන වල් අතින් ගලවහන්. පලයන් ඉතිං බලන් ඉන්නැතුව මෙතැන. "
YOU ARE READING
අත් වැරැද්ද ( Completed )
Non-Fiction" වීරන්කෙඩුව වලව්වේ පුංචි හාමු අවසරද මට......... පුංචි පැටියගේ චූටි අප්පච්චි වෙන්න " - නිලූෂ සත්සිදු -