( වෝට් එකක් දාන්ම යන්න යාලූ ❤️🤗 )
අම්බෝ මන් හිතන්නේ.... මන් හිතන්නේ මට එයා කැමති කියලා.
දෙයියනේ මේ වලව්වේ පොඩි හාමු මට කැමති වුනාට වැඩක් නෑ. මයේ හිත දැනටමත් මල්ලි බබෙක් අවුරුදු කීපයකට කලින් හොරකම් කරලනේ තියෙන්නේ. මේ නුවර කොහේ හරි මගේ මල්ලි බබා ඉන්නවා ඇති.
මොක නැතත් පොඩි බේබි මට වෙන කාමරයක් දුන්න නිසා හොදා. රෑ හත වෙනකොට ගෙදර වැඩ කරන අයත් එයාලට වෙන් කරලා තියෙන කෑම මේසෙට යන්න ඕනී. මාත් ඉතිං හත වෙනකොට කෑම මේසේ වාඩි වුණා. වලව්වේ වැඩ කරන අය හය හත් දෙනෙක්ම ඉන්නවා. ඒ ඔක්කොමලාම මේසේ වටවෙලා කයිය ගගහා කෑම කනවා. අද නම් කමනි නැන්දා හතුයි වට්ටක්කයි මැල්ලුමකුයි තමයි හදලා තිබ්බේ.
කමනි නැන්දා එක්කලා අස්පස් කරපු මන් මයේ කාමරේට යන්න හදද්දී පොඩ්ඩා මාව දැකලද කොහේදෝ දුවන් එනවා. මදැයි මන් නිදා ගන්න යන්න හැදුවා. පොඩ්ඩා ආපු ගමන් කරේ කකුල බදා ගත්ත එක. පුදුමයි මෙච්චර හුරතල් දග මල්ලට ලොකු ආරච්චි හාමු අනම් මනම් කියන එක. මගේ නම නිලූෂ වෙනකොට පොඩි එකාගේ නම නුරාද. දෙන්නගෙම නම් එකයි හරියට සහෝදරයෝ දෙන්නෙක්ගේ වගේ. මටම කියලා මෙව්වගෙ මල්ලි පැටියෙක් හිටිය නම් කියලා හිතෙනවා මේ පැටියා දකිනකොට. .
" පුතේ මන් හිතුවා චූටි බේබි ඔයත් එක්කලා ඉන්න ඇත්තේ කියලා. ආ මයෙන් පොඩි බේබි ඇහුවා පැටියා කොහෙද කියලා "
" හරි නැන්දේ මන් පොඩි බේබිට පැටියා ගිහිල්ල දෙන්නම් "
පැටියා දකිද්දී දෙන්නත් ලෝබයි. ඔන්න ඔහේ මයෙ කාමරේ ටිකක් වෙලා තියා ගෙන පස්සේ පොඩ්ඩව පොඩි බේබිට ගිහිල්ල දෙනවා.
අස් කරලා තිබ්බ මගෙ කාමරේ හැඩි කරලා දාන්න පොඩ්ඩට විනාඩි පහක් වත් ගියපු නැති තරම්. මට තිබ්බ චූටි කොලෝන් බෝතලෙත් ඇගේ හලා ගත්තා. කොහොම හරි දගල දගල හිටිය කොල්ලට නිදි මත හැදිලාද මන්දා මයෙ ඔක්කට පැනලා ඔලුව පපුවේ ගහා ගත්තා. සිනිදු කොන්ඩෙන් කොලෝන් සුවද වෑහෙනවා.
YOU ARE READING
අත් වැරැද්ද ( Completed )
Non-Fiction" වීරන්කෙඩුව වලව්වේ පුංචි හාමු අවසරද මට......... පුංචි පැටියගේ චූටි අප්පච්චි වෙන්න " - නිලූෂ සත්සිදු -