මම රෙදි හෝද හෝද හිටියත් හරි මගේ දිහාට චූටි චූටි ගල් කැට වැටෙද්දී තමයි මන් නිකමට පිටි පස්ස හැරුනේ. අනේ අනේ පස්සත් උඩ දාන් ගල් කැට අහුලනවා පොඩ්ඩා දමාගෙන මට ගහන්න . මගේ අවදානේ ගන්න මෙයා එක එක කෝලම් වැඩ කරනවා. මාත් ඉතින් රෙදි ටිකත් පැත්තකින් තියෙලා පොඩ්ඩව උස්සලා මගේ ළගට ගත්තා. සබන් වතුර වලට ලිස්සිලා වැටුනොත් කාට කියලා කියන්නද මයෙ චූටි කෝලම් පැංචානේ ඉතින්.
" ඒයි ඒයි ඕවා අල්ලන්නෑ. ආ ආ මේක තියා ගන්නකෝ "
" නා නා "
" නෑ නෑ නෙවෙයි මේ ටික හෝදලා දාලා ඔන්චිලි පදිමු අපි දෙ....... ආ ආ ආ ආ"
නෑ නෑ මට එයාට ඉතිරි ටික කියන්න වුන්නෑ එක පාරටම මොකෙක්දෝ එකෙක් කෑ ගහන් මගෙ ඇගට පනිනවත් එක්කම යකඩ බාල්දියෙන් පුළුවන් තරම් වේගෙන් මන් දමලා ඇරියට පස්සේ තමයි කෙනා දැක්කේ.
" ච ටා ස් "
පොඩි බේබි නළලත් අල්ලන් බිම වැටුණු හැටියේ ඈත ඉදන් ආපු ආරච්චි හාමු මගේ කන රත් කරේ මාව විහික්කා වෙලා යන්නම.
" තොට කොහෙන් ආපු හයියක්ද යකෝ වලව්වේ පොඩි බේබිට අත උස්සන්න ආ බොල "
" හා හා මු ම න් දැක් කේ "
" කට වහපන් පරයා තෝ ගැන පස්සේ බලා ගන්නම් "
එහෙම කියලා ලොකු හාමු තව දෙතුන් තුන් දෙනෙක් අඩ ගහන් පොඩි බේබිව උස්සගෙන ඇතුළට අරන් ගියා.
දෙයියනේ මන් බයවුනු පාර මොන වැඩක් ද කරේ. ඇයි පොඩි බේබි මාව බය කරේ. දැන් විනාසයි. සික් මූණේ පැත්තක් නෑ වගේ. පොඩි එකාගෙත් ඔලුවේ ඉදන් වතුර. මේ ආරච්චි හාමුත් මේ වෙලාවටම ආවා නේ. මගේම වෙලාව. මේ වලව්වෙන් එලෙව්වොත් මන් කොහේ කියලා යන්නද. මගේ ඇස් වලිනුත් කදුළු කැට එක දෙක බිමට වැටෙද්දී ඇස් පිහන්න ගියත් මගේ කන්නාඩි දෙක තිබ්බේ නෑ. මන් විහික්කා වුණු පාර ඒ දෙකත් විසික්කා වෙන්න ඇති.
" ප් පැ ටියෝ අයි යා ගේ කන්නාඩි දෙක ඒක....... අනේ "
ගලක් අයිනේ වැටිලා තිබ්බ මගේ කන්නාඩි කුට්ටමේ වීදුරු බිදිලා ගිහිල්ලා තිබ්බේ ආයේ දා ගෙන යන්න වත් බැරි විදිහට. නුරාදවත් එක්කරගෙන මන් වලව්ව ඇතුළට ගියේ පොඩි බේබිව බලන්න. මන් එද්දී බේබිගේ නළලට බෙහෙත් දාලා ඔතලා තිබ්බේ. ඇදේ ඔහේ දිගා වෙලා ඉන්නේ තාම සිහිය නැතිවද කොහෙදෝ. නුරාද එයාගේ අප්පච්චි ව දැකලා ළගට දුවන්න ගියත් ආරච්චි හාමු කොල්ලගේ අතින් ඇද්ද පාර හොදටම බය වෙලා ඇස් වලත් කදුළු පුරවන් අඩන්න මූණ හදා ගත්තා.
YOU ARE READING
අත් වැරැද්ද ( Completed )
Non-Fiction" වීරන්කෙඩුව වලව්වේ පුංචි හාමු අවසරද මට......... පුංචි පැටියගේ චූටි අප්පච්චි වෙන්න " - නිලූෂ සත්සිදු -