පොඩි බේබි කාමරෙන් එලියට ගියත් හරි මන් තාම ඇදේ ඉදගෙනම වහලා දාපු දොර දිහා බලන් හිටියේ මට කිසි දෙයක් තාම හිතා ගන්න බැරුව. මන් හිතන්නේ පොඩි බේබි මාව සෙල්ලමකට අරන් වගේ. නැති නම් උදේ පාන්දරම නැගිටන් නිදි විකාරෙන් වත් කියවනවද කවුද දන්නේ. එක්කෝ පොඩි බේබිට හාමිනේ කෙනෙක් නැති අඩුව මගෙන් ගන්න හදනවද්ද. දැන් නම් මටත් ඔල්මෝරොන්දම් වගේ. හරි සනීපෙට නිදන් ඉන්න චූටියා ට සද්දයක් බද්දයක් වත් ඇහෙන්නැතිවෙන්න ඇදෙන් බැස්ස මන් කමිසෙත් ඇදන් මූණ හෝදන්න ළිද ළගට ගියත් හරි පුදුමාකාර සීතලක් දැනුනේ. ඔක්තෝම්බර් මාසේ නිසා වෙනදට වඩා ටිකක් සීතයි." මේ කොල්ලෝ මෙහාට ආවා නම් ඩිංගිත්තකට "
මන් ඇතුළට යන්න යද්දී ලොකු හාමු මට කතා කරපු නිසා මන් ආයේ එළියට ආවා.
" මෙතැන මේ මාසේ සල්ලි ටික කොල්ලෝ. ආ ඒක නෙවෙයි මේන්න උබට අරහෙන් ලිවුම් දහියක් ඇවිල්ලා තිබ්බා ඊයේ. දැන්ම ඕක කඩලා බැලුව නම් "
ලොකු හාමුටත් මයෙ ලිව්වම මොකක්ද කියලා බලන්න තියෙන උවමනාව නිසා මයෙ සල්ලි ටික සාක්කුවට දාන් ඒක කඩලා බැලුවත් හරි හීනියට මෝදු වුනු කදුළු වලින් මයෙ දෙකම්මුල් තෙමිලා ගියේ වටපිටාව ගැනවත් සිහියක් නොවේද්දි. මන් යාළුවොත් එක්කලා නිකමට අයදුම් පත් දැම්මත් හරි මට හිතුනෙම නෑ මෙහෙම එයි කියලා.
" කෝ දියන් කොල්ලෝ මටත් බලන්න ඕක ආදර හසුනක් නෙවෙයි නම්. උබැහේ අඩන්න තරම් මොකක්ද බලමු තියෙන්නේ හැබෑට "
" කොල්ලනේ ඉක්මන් කරහල්ලා විගහට. අරහෙන් වරැසාවක් එන්ට යන්ටේ "
සෝමේ මාමා කිව්වත් හරි ඈත කළු වලා පිරිලා ගිහිල්ලා. ටිකකට කලින් තේ කහට එකක් බිව්ව නිසා හොදයි ඉතින් මෙහෙම විජහට විජහට වැඩ කරන්න. මන් පැය ගානක ඉදන් නිර්මල තේ ගෙනෙයි ගෙනෙයි කියලා මග බලන් හිටියත් එයා නෙවෙයි අද තේ ගෙනාවේ එයාගේ අක්කා අරුනි. අද මායි නිර්මලයි වෙනුවට නුග ගහ යට හිටියේ අරුනියි සුනිලුයි. ඒ දෙන්නගේ ඉගි බිගි මන් දැක්කා කියන්නේ සෝමේ මාමාත් එව්වා නොදැක ඉන්න විදිහක් නෑ නේ. ඒ දෙන්නගේ සම්බන්දෙට මනාප නිසා වෙන්නැති ඔහොම සෝමේ මාමා කෑ ගහන්නැතුව ඉන්නේ.
YOU ARE READING
අත් වැරැද්ද ( Completed )
Non-Fiction" වීරන්කෙඩුව වලව්වේ පුංචි හාමු අවසරද මට......... පුංචි පැටියගේ චූටි අප්පච්චි වෙන්න " - නිලූෂ සත්සිදු -