" හරි ද කොල්ලෝ දැන්වත් "
" නෑ ලොකු මැණිකේ තව ඩිංගිත්තක් තියේ "
පාන්දර හතරට මෙහෙන් බේබියි මායි පොඩ්ඩයි ඉස්කෝලෙට යන නිසා දෙකයි ගානේ ඉදන් ලොකු මැණිකෙයි මායි උයන්නේ. පොඩි බේබියි මායි ඊයේ කඩපු තිත් බටු තමයි මන් මේ දා ගෙන තලන්නේ ඉතින් .
මන් මේක කරනකම් ලොකු මැණිකේ වැව් මාළු ඇඹුලක් හදනවා. මේ වෙලාවට තමයි ඉතින් මට හරීයට කමනි නැන්දව මතක් වෙන්නේ." පොලොස් එකට මේ මිටි කිරි ටිකත් දාලා කවලම් කරහන් කොල්ලෝ "
මන් තලපු තිත් බටු ටිකට කහ ලුණු කුඩු කවලම් කරලා තැම්බෙන්න තිබ්බ ලොකු මැණිකේ කිව්වේ මට මිටි කිරි දාපු මැටි කෝප්පේත් පෙන්නලා .
මගේ ඇස් කොච්චර වතුරෙන් හේදුවත් එන්න එන්න බර වෙනවා නිදි මත සැරට. ඊයේ ඔක්කොම බඩු ටිකත් ලෑස්ති කරන් නිදා ගද්දි එකොළහටත් කිට්ටු වුනා." කොල්ලෝ පොඩීව ඇහැරවලා හිටින්කෝ . තුනටත් කිට්ටුයි "
ලොකු මැණිකේ එහෙම කිව්වත් හරි අත් දෙකත් පිහ දාන් බේබිගේ කාමරේට ගිහින් ඇද ළගට වෙලා හොදට නිදන් ඉන්න අප්පච්චියි පුතයි දිහා ටික වෙලාවක් යනකම් බලා ගෙන හිටියේ හැගීම් ගොන්නක් හිතේ පුරවන්.
" බේබී නැගිටින්න. තුනට කිට්ටුයි "
පැටියගෙන් ඈත් වුනු මන් කිව්වේ බේබීගේ ඔලුවත් ලාවට අත ගාලා . ඒත් මේ බේබී හාමුගේ නම් නැගිටින පාටක් නෙවෙයි තිබ්බේ. පුදුම අලි කම්මැලි කමක් නෙ මෙයාට තියෙන්නේ . තව ටිකක් නිදා ගද්දෙන් කියලා එහෙන්ම බේබීගේ පැටියව උස්සලා ගත්තු මන් එයාව නින්දේ ඉද්දැද්දීම කුස්සියට අරන් ගිහින් එයාගේ පුංචි පුටුවෙන් වාඩි කෙරෙව්වේ පොඩ්ඩා නිදි කිර කිර කඩන් වැටෙද්දී.
" කෝ කෝ නැගිටින්න නැගිටින්න ඉන්න අයියා කුක්කු එකක් හදන්නම්කෝ පැටියට ගුඩු ගුඩු ගාලා බොන්න "
" ආ "
මන් එයාගේ ඇබිත්තන් මූණට උම්මියකුත් දීලා කුක්කු එකක් හදන්නම් කියද්දී පොඩ්ඩා හා කියලා ඔලුව චුට්ටක් හෙල්ලුවේ ඇසුත් පොඩ්ඩ පොඩ්ඩ ඇර ඇර. ලොකු මැණිකේ නෙවෙයි පොඩ්ඩව කුස්සියට ගෙනාවත් හරි නිකමටවත් බැලුවේවත්. පුදුම මාන්නක්කාර කමක් ඒක.
YOU ARE READING
අත් වැරැද්ද ( Completed )
Non-Fiction" වීරන්කෙඩුව වලව්වේ පුංචි හාමු අවසරද මට......... පුංචි පැටියගේ චූටි අප්පච්චි වෙන්න " - නිලූෂ සත්සිදු -