" ලිය කියවිලි ඔක්කොම ටික ගත්තා නේද ආ... මොකුත්ම අමතක වුන්නෑ නෙ නේද "
බේබී ඊයේ රෑ ඉදන් තමයි කැම්පස් එකට ඕනී අනම් මනම් ටික හරි ගස්සන්නේ. අරක ගන්න මේ ටික ආයේ බලන්න කඩදහි ටික ඔක්කොම ගත්තද වගේ දේවල් කියවන පොඩි බේබී මට වඩා කලබලයි අද. ඊයේ හවස හම්බුනු ලිව්මේ ලියල එවලා තිබ්බේ හැම සිසුවෙක්ම උදේ නමය වෙද්දී කැම්පස් එකට එන්න කියලා.
අත් දිග සුදු කමිසේ කළු කලිසමට යට කරලා කොන්ඩේ ඇද රොදේ හිටින්න පොල් තෙල් ගාලා හොදට පිරුවා.
" ඔක්කොම ටික හරි හාමු. බයයි සැකයි වගේ නම් ඔය ඇද උඩ තියෙන මල්ල බලන්නකෝ "
මන් එහෙම කිව්ව පමාවට කන්නාඩිය ඉස්සරහ ලෑස්ති වෙවී හිටපු මයෙ දිහා බලන් හිටිය බේබී ඇදෙන් ඉද ගෙන ආයේ ආයේ මල්ල බලන්න ගත්තා.
" කෝ කෑම එක "
" ඇයි කෑම. ඉක්මනට එනවා නෙ "
" කෝකටත් කෑම එකක් දා ගමු. අනික මන් කිව්ව අද කමනි නැන්දට අර ඔයා කන්න කැමති එක හදන්න කියලා බත් එකක් ගෙනියන්නත් එක්කලම "
එහෙම කියද්දී කොහොමැයි මන් බත් එකක් නොගෙන ඉන්නේ. මන් ආසම කමනි නැන්දගේ කළුවට උයාපු ගම් කුකුළු මස් වෑන්ජනේ කන්න නේ ඉතින් .
ඉතින් අද මාත් එක්ක ඉස්ස ඉස්සල්ලාම හා හා පුරා කියලා යන්න එන්නේ මයෙ බේබී හාමු. ලා නිල් පාට අත් දිග කමිසේ්යි කළු කලිසමයි ඇදලා ඉන්න මයෙ හාමු මහත්තයා අද වෙනදට වඩා පෙනුමයි. අවුරුදු තිහක වගේ පෙනුමක් තියෙන්නේ.
අඩි දෙක තුනක්ම ඉස්සරහට ගිය මන් බේබී හාමුගේ හුස්මක් දුරින් නැවතිලා මයෙ දිහාම බලන් හිටිය එයාගේ ඒ දිලිහෙන ඇස් මට මොන මොනවදෝ කියන පමාවට මයෙ එක අතක් ඒ බද වටේ එතුනේ මයෙ අනිත් අතින් එයාගේ කම්මුලකුත් ස්පර්ශ කරද්දී.
" ම් ම යෙ නිලූ ෂ "
මයෙ බෙල්ලේ එල්ලුනු එයා මයෙ නිලූෂ කියලා මුමුණ මුමුණ මයෙ මූණටම පාත් වුනේ මයෙ තොල් උණුහුම් කරමින්.
දඩස්...
"අයියෝ අනෙ ඔව්වා ආවට පස්සේ කරන්න බැරියෑ නිවාඩු පාඩුවේ. මන් ලෑස්ති වෙලා කීයේ ඉදලද බලන් ඉන්නේ අප්පා. ඔයා දෙන්න මෙතැන පෙම් සුව විදිනවා. "
YOU ARE READING
අත් වැරැද්ද ( Completed )
Non-Fiction" වීරන්කෙඩුව වලව්වේ පුංචි හාමු අවසරද මට......... පුංචි පැටියගේ චූටි අප්පච්චි වෙන්න " - නිලූෂ සත්සිදු -