දහයත් පහුවෙලා නිසා මේ වෙලාවට වලව්වේ ඈයෝ කොහොමත් නිදි. මන් ඉතින් මයෙ පොරවන එකත් අරගෙනම බේබීගේ කාමරේට රිංගුවේ නිදා ගන්න. හාමු මොකද දන්නෑ ලයට් වත් නිවලා නැතිව නිදා ගෙන ඉන්නේ. මන් දොරත් වහලා ලයට් එකත් නිවලා දාලා ලාම්පු දැල්ලත් පත්තු කරලා බේබී ළගින්ම ඇල වුනා. පැටියා බදන් නිදා ගෙන ඉන්න හාමු දිහා බලන් නින්ද ගිය මට ඉබේටම වගේ නැගිටුනේ පොඩි බරක් හැදිලා. හාමුගේ වොෂ් රූම් එක කාමරේම තියෙන නිසා හොදා ඉතින්.මන් මගෙ වැඩේ ඉවර කරලා දොර අරිනවත් එක්කම මගෙ කට භාගෙට ඇරුනේ දොර අරින්න වගේ අතත් ඉස්සරහට කරන් මයෙ දිහා යකෙක් ගහලා වගේ බලන් ඉන්න පොඩි බේබී දැකලා.
" ඔ ඔයා ද එතකොට ඕකේ හිටියේ නිලූෂ ආ..... දෙයියනේ මන් හිතුවේ අමුනුස්ස ආත්මයක් කියලා "
" ඉතින් මයෙ හාමු මහත්තයා බය වුනාද ආ "
එයාගේ ඉන වටේට අත් දෙකත් යවලා ඒ උරහිස උඩ මයෙ නිකට තියන් එයාගේ ඇගට වාරු වෙලා මන් එහෙම ඇහුවේ එයාව තව ටිකක් ඇගට තද කර ගන්න ගමන්.
" මැරුණු මිනිස්සුන්ට ඇයි අනේ බය වෙන්න ඕනී ම් "
එයත් මයෙ නිරුවත් පිට පුරා අත් ගෙනියමින් එහෙම කියලා මාවත් ඇදගෙනම ගියේ නිදා ගන්න.
නෑ නෑ එයාට නෙවෙයි නිදා ගන්න ඕනී වෙලා තිබ්බේ.
" හා මු... පැටියා ඇහෙරෙයි කරන දෙයක් හෙ මි න් අ හා...... "
" බිම ට යමු ම් "
පුළුවන් තරම් හයියෙන් මයෙ බෙල්ල උරලා මයෙ මූණ දිහා බලන් බිමට යමුයි කියන්නේ මයෙ සරම් ගැටේටත් එක අතක් තියා ගෙන. එයාගේ ඒ කෙස් ගස් ටිකකුත් මයෙ මූණත් එක්කලා හරි හරියට සෙල්ලම් දානවා.
" සී තලයි නේ "
" මේ හාමු මයෙ මහත්තයාගේ සීතල යවන්නම් "
මගේ කන් පෙත්තකුත් හපලා එහෙම කියද්දී මන් එහෙන්ම නැගිටලා බේබී හාමු වත් අත් දෙකට උස්සන් කාමරේ ටිකක් කෙළවරකට ගියේ බේබී හාමුත් මයෙ පපුවේ මූණ ටිකක් ඔබා ගද්දි.
❤️
❤️
❤️
❤️
❤️
❤️
❤️
❤️
.
.
.
.
...
..
.
.
.
YOU ARE READING
අත් වැරැද්ද ( Completed )
Non-Fiction" වීරන්කෙඩුව වලව්වේ පුංචි හාමු අවසරද මට......... පුංචි පැටියගේ චූටි අප්පච්චි වෙන්න " - නිලූෂ සත්සිදු -