විසිවෙනි කොටහා

914 93 11
                                    





"  ######### දේශන ශාලාව කොහෙද තියෙන්නේ කියලා පොඩ්ඩක් කියන්.. "

" ඔතනින් මේ පාරේ දිගටම ගිහිල්ලා වම් පැත්තට හැරිලා ඒ පාර දිගටම ගිහිල්ල...................,..........,,...................................................................................................................................................................................... "


මන් ######## දේශන ශාලාව කොහෙද තියෙන්නේ කියලා අහන්නත් කලින් ඒ කෙල්ල මයෙ යට ඉදන් උඩට වෙනකම් බලලා පත හෑල්ලක් කියලා යන්නම් මල්ලි කියලා ගියාට පස්සේ මාත් ඒ කෙල්ල කියාපු පාර දිගේ යන්න ගත්තා.



උදේට කාලා ආපු නිසා හොදයි මෙහෙම ඇවිද ඇවිද පාරවල් හොයා ගන්න. මන් ඇවිල්ලා අර අක්කා කියාපු කුඹුක් ගහ හොය හොයා වට පිට බැලුවේ පොඩි බේබී මයෙ අතේ බැන්ද ඔරලෝසුවෙනුත් වෙලාව බලලා. ඉස්ස ඉස්සල්ලාම පටන් ගන්න දේශනේට විනාඩි දහයයි තියෙන්නෙත් මට‍. ඉක්මනට පාර හොයන් යන්න යද්දි මට ඇහුනේ මට‍ කවුරුම හරි කතා කරන හඩක්. බලද්දී නම් ඉහල පන්තියේ ලොකු කොල්ලෝ ටිකක් බැම්මක්‌ දිගේ ඉදගෙන මන් එන දිහා බලන් හිටියේ එක එක්කෙනා මොන මොනවදෝ කියව කියව.

" මටද කතා ක... "

" ඇයි මෙතැන තෝ ඇර තව එකෙක් ඉන්නවා වගේ තොට පේනවද #####  "

මන් එහෙම යටහත් පහත්ව එයාලට කතා කරේ අපෙ ළමයිට මුලදිම ඉහළ පන්තියේ අයට එහෙම කතා කරන්න කිව්ව නිසා. නැත්තන් එයාලා අපිව දකින දකින තැන රැග් කරනවලු.
මන් ටිකක් වට පිට බැලුවත් මයෙ වයස ළමයි පේන තෙක් මානෙකවත් නැති වෙනකොට එකෙක් ආයේ ගිරිය පලන් කෑ ගහන්න ගත්තා.

" තෝ මොකෑ වට පිට බලන්නේ. උබ කියහන්කෝ බලන්න උබ අර අක්කලා ටිකෙන් මොන අක්කටද කැමති කියලා "

" කාටවත් නෑ අයි... "

" ඒ මේකා කියපු දේ ඇහුනද බන් තොපිට.. මේකා එහෙනම් අයියලාට කැමති එකෙක් "

එහෙම තව එකෙක් කියනකොට කරේ අනිත් උන් ඔක්කොම හයියෙන් හිනා වුනු එක. අපරාදේ මන් එහෙම කිව්වේ. මුන්ටත් මාවම අහුවුනානේ මයෙ කරුමෙට.

" හරි උබට දේශන තියෙනවා නේද දැන් ආ "

ඇති යන්තම් මට‍ මෙතැනින් යන්න පුළුවන් දැන්.

අත් වැරැද්ද ( Completed )Where stories live. Discover now