හතත් පහුවෙලා තියෙද්දි වලව්වට ආපු මම ඇග පත ටිකක් සෝදගෙන පොඩි හාමුගේ කාමරේට යන්න ගියත් මන් නැවතුනේ එතැන ලොකු මැණිකෙගෙයි ලොකු හමුගෙයි කතාව නිසා.
" නැන්දේ පොඩි බේබී ආවේ නැද්ද මේ පැත්තට "
" නෑ කොල්ලෝ. බේබී කාමරේ ඇත්තේ. අන්න කොල්ලෝ උබේ බත් එක වහලා තියෙන්ටේ කාලා හිටහන් "
කමනි නැන්දා බත් එක පෙන්නුවට පස්සේ කුස්සියේ බංකුව උඩ ඉදගෙනම කන්න පටන් ගත්තේ කොයි වෙලේ හරි බේබී හාමුත් කුස්සියට එයි කියලා හිතලා.
මයෙ කාමරේ අස් පස් කරලා වෙලාව බලද්දීයි දැක්කේ දැන් දහයත් පහු වී ගෙන එන්නෙ කියෙලා. මන් ඇදෙ තිබ්බ මයෙ කමිසෙත් ඇද ගෙන ලයිට් එක නිමන්න ගියත් මට ඇහුනේ මයෙ දොරට ගහන සද්දයක්.
" ල් ලොකු හා මූ "
දොර ඇරියත් හරි මට මොකුත් හිතා ගන්න බැරිව ගියේ දොර ළග හිටන් ඉන්න ලොකු හාමුව දැකලා.
" කොල්ලෝ මයෙ කකුලේ කට්ටක් ඇනිලා නොවෑ අරන් දාපන්කෝ. මයෙ මැණිකෙත් ගන්න හැදුවා හැදුවා බැරි වුනා කොල්ලෝ. ඉන්ට බෑ මයෙ කකුලම ඇදුම් කනවා "
ලොකු හාමුගේ මූණ දැක්ක හැටියේ පේනවා එයා ඉන්නේ වේදනාවෙන් කියලා. මන් හාමුට ඇතුළට එන්න කියන්නත් කලින් නොන්ඩි ගගහා ආපු ලොකු හාමු ඇදෙන් ඉද ගෙන කකුල පුටුවක් උඩ තියා ගෙන මට කට්ට ඇනිච්ච තැන පෙන්නුවා.
" ඇතුළටම ගිහිල්ලා වගේ හාමු. හැට්ට කට්ටෙන් තමයි හාරලා අයින් කරන්න වෙන්නේ "
කට්ට ඇතුළටම ගිහිල්ලා ඒ පැත්තම රතු ගැහිලා. මන් හැට්ට කට්ට අරන් කට්ට එතැන්ට තද කරත් හරි ලොකු හාමුට කෑ ගැස්සුනා.
" අ හා හෙමි න් කොල්ලෝ "
මන් හැට්ට කට්ට ඇතුළට දදා කට්ට හෙමින් හෙමින් අදින ගානට ලොකු හාමු කෙදිරි ගානවා.
" අ හ් කොල්ලෝ දැන් නම් බෑ රිදෙන වා"
ලොකු හාමුගේ කාටහඩත් ගොර හැඩි වෙලා වගේ. සෙම් අමාරුව නිසා වෙන්නැති.
YOU ARE READING
අත් වැරැද්ද ( Completed )
Non-Fiction" වීරන්කෙඩුව වලව්වේ පුංචි හාමු අවසරද මට......... පුංචි පැටියගේ චූටි අප්පච්චි වෙන්න " - නිලූෂ සත්සිදු -