විසිතුන්වැනි කොටහා

830 78 11
                                    










" අද ඔක්කොමලාටම  ########පිට්ටනියට එන්න කියලා කිව්වලු "

අපි දේශනේ ඉවර කරලා ඉවර කරලා මග දිගට යද්දි නිහාලි ඇවිදිල්ලා කිව්ව දේ නිසා අපි ගියේ #########පිට්ටනියට



" ඉක්මනට වරෙල්ලා තක් ගැහි ගැහි ඉන්නැතිව. උබලා පරක්කු වෙන්න පරක්කු වෙන්න උබලටමයි පරක්කු වෙන්නේ.  ඒයි ඕයී ලදවල් ටික මෙහෙ වරෙන් විගහට "

ඔහේ කයියක් ගගහා එන කොල්ලෝ ටිකක් දැකපු ඒ අයියා ආයෙමත් ගිරිය පලන් කෑ ගහන්න ගත්තා. උදේ දහය වුනාට මොකද අව් සැර අපි ඉන්න තැනටම හොදට තියෙනවා. දැන් නෙ මන් මේ හරියටම දැක්කෙත් ගිරිය පලන් කෑ ගහන අයියා කවුද කියලා. බැලින්නම් එදා  අයියේ මන් ඔයාට කැමතියි කියලා අහද්දී මන් බැදලා කියලා මුද්දක් දාපු ඇගිල්ලක් පෙන්නපු අයියනේ මේ. මේ මනුස්සයට මෙච්චර බෙරිහන් දෙන්න පුළුවන් කියලත් මන් අදනේ දන්නේ.


"  මහා ශිෂ්‍ය සංගමේ සභාපති අයියා නේද මේ "

මයෙ එහා පැත්තේ හිටිය කෙල්ලෙක් ඒකිගේ යාලුවට කියද්දී මාත් ඒ පැත්තට කන් දෙක දැම්මේ තව මොනා හරිම ඕපයක් හොයන්න.


" ඒ අයියට නම් කෙල්ලෝ බර ගානක් ඇති නේද බන් "

" ඒ අයියා ඔහොම හිටියට ඇමති කෙනෙග්ගේ පුතෙක්ලූ.  කැම්පස් එකේ හැමෝම කියන්නේ සිලූ කියලා. එයාගේ කාඩ් එකවත් වෙන්න ඇති "


මේ කෙල්ලෝ නම් අයියලා ගැන දන්නැති දෙයක් නෑ. මන් අපෙ ඉස්සරහින් ඉන්න අයියලා ටිකට ඇහැ දැම්මත් අර චූටි අයියා නෙවෙයි මන් නම් දැක්කේ.




" ඒයි නිලුවෝ "

" ම් මොකද බන් "

" මට චූ බරයි වගේ නේ ඕයී "

මේ තරිඳුටත් දැන් තමයි නැති බරවල් ලෝඩ් වෙන්නේ.


" ඉවසන් හිටපන් බන්. දැන් කොහොමද කියපන් කෝ අපි ඕක කරන්න යන්නේ. උබට ඕනී විහින් රැග් වෙන්නද "

පැය ගානක් වෙනකම් සිලූ අයියගේ දේශනේ අහන් ඉදලා ඒක ඉවර වුණත් හරි අපි දිව්වේ තරිදුගේ බර නිදහස් කරන්න.


අත් වැරැද්ද ( Completed )Where stories live. Discover now