විසිහතරවැනි කොටහා

765 78 8
                                    







" අ හා මන් බය වුනා නිලූෂ. "


ඉස්කෝලේ යන්න ලෑස්ති වුනු මන් පැටියගේ කමිසේ අන්ද අන්ද හිටියේ බර කල්පනාවක වෙද්දී පිටි පස්සෙන් අත් දෙකක් ඇවිදිල්ලා මාව වෙලා ගනිද්දි මන් බය වුනේ දොර අරින වහන සද්දයක් වත් ඇහුනු නැති නිසා.



" ම් පැටියගේ කොලෝන් බෝතලේ ඉවර කරලා වගේ මයේ හාමු "

" තාම ලෑස්ති නෑද කැම්පස් එකට යන්ට"

" දහයට තියෙන්නේ අද එද්දි නම් මන් පහ විතර වෙයි "

එහෙනම් හවස් වෙනකම් මට‍ පැටියා තියා ගන්ට වෙයි ඉස්කෝලේ.

" ඉස්කෝලේ ඇරලා මන් ඔයා එනකම් ඉන්නම්. "

" එපා එපා ගෙදර ඉක්මනට එන්න හාමු"

එයා එපා එපා කියෙලා කියද්දී මන් හැරුනේ එයාගේ පැත්තට.

" මන් එනවට කැමති නෑද දැන් "

" මන් එන්නම්. මයේ හාමු එහෙනම් ඇවිදිල්ලා ඉන්නකෝ. "

එහෙම කියපු නිලූෂ නුරාදවත් වඩා ගෙන කන්නාඩිය ඉස්සරහට ගිහින් පුටුවේ උඩින් ඉන්දලා ඔලුව පීරන්න ගත්තේ මාත් කන්නාඩිය ඉස්සරහට යද්දි.






මන් පැටියා එක්කලා ඉස්කෝලෙට ආවේ ජාතික ගීයත් පටන් ගෙන තියෙද්දි .

" සර් මොකෝ අද පරක්කු. "

ගුරු කාමරේට ගියපු මට‍ දොර ළගදි හම්බුනේ එහා පන්ති භාර මිස්.

" දන් නැද්ද මිස් ටිකක් පරක්කු වුනා "

එහෙම කියෙලා මන් එන්න ආවේ ඇතුළට.  දැන් කතා කර කර ඉන්න පුළුවනැයි.


" කොහෙවත් දුවන් නැතුව සන්කොටේ මේ චිත්‍රෙ ඇද ඇද ඉන්න ඕනී "

ආපු නැති ළමයෙකුගේ පුටුවකින් වාඩි කොරෝපු නුරාදට එයාගේ පොතයි පාට කූරු ටිකයි දීලා උගන්නන්න පටන් ගත්තා. අද ඉස්ඉස්සල්ලාම මට‍ තියෙන්නේ හයේ පැන්චෝ ටිකකට උගන්නන්න.

" කොතනින්ද පුතේ පාඩම ඉවර කරේ "

" සර් ගෙදර වැඩ බලන් නෑද "

මන් අර දරුවගේ පොත අරන් බල බල ඉද්දි එහා පැත්තේ හිටපු චූටි කෙල්ල ගෙදර වැඩ මතක් කරාමයි මට‍ එදා දීපු වැඩ මතක් වුනේ.

අත් වැරැද්ද ( Completed )Where stories live. Discover now