" පොඩී පොඩී පොඩී....... කොහෙදෑ ළමයෝ ඉන්ටෙ.... පොඩි.... "
" ඉන්න අම්මේ එනෝ.... "
මන් උයනේ පොකුණ ළගට වෙලා පැටියත් එක්කලා ටිකක් හිටිය විතරයි අපෙ අම්මා මට අඩ ගහන්න ගත්තා. සෙනසුරාදා නිසා ඉස්කෝලේ අද මට නැහැයි වෙද්දී කෑම කාපු මන් ටිකක් ඇවිදින්න ආවේ මෙතෙන්ට. දැන් නම් මයෙ අලි පැටියගේ අතත් ටිකක් හොදයි. ටිකක් හොද වුනාට මොකද අප්පච්චිත් නිලූෂට අද තේ වත්තේ වැඩට එන්න ඕන්නැහැයි කිව්වා.
" ඇයි කතා කරේ අම්මේ "
" අද මට පොඩි අක්කලා දිහා යන්ට ඕනෑ. මන් ගොහිල්ලා එනකම් පුතා පරිස්සමින් ඉන්ට. මන් එද්දි ඩිංගක් පරක්කු වෙයි. ගුණේ එක්කලාම උදේන්ම යා ගන්ට තිබ්බා නම් හොදයි. අප්පච්චි අද මා එක්කලා ඇවිදිල්ලා හෙට දිහාට්ට ආයේ වලව්වට ඔය එනවැයි කිව්වේ "
අම්මේ අම්මත් මේ ගොඩ කාලෙකින් එයාලගේ අක්කලායේ දිහා යන්ටේ.
" අම්මා මොකෑ හදිස්සියෙම එහෙ යන්නේ "
" කාලෙකින් ගියෙත් නෑ නොවෑ පුතේ. වැස්ස එන්ඩ කලින් යන්න ඕනී. "
අම්මා එහෙම කියෙලා ඇතුළට යද්දි මාත් පැටියා එක්කලා කාමරේට ගියෙ නුරදරට පාඩම් ටිකක් කියා දෙන්ට කියෙලා. කොල්ලට චිත්‍ර ඇද ඇද ඉදලම හරියන්නෙත් නැහැ නේ.
" පුතේ අම්මයි මමයි ගොහිල්ලා එන්නම්. හෙට දිහාට්ට මන් එනවා. පොඩ්ඩක් හවසටයි හෙට දවල්ටයි වතු දෙක බලන්න යන්ට. මන් සෝමෙටත් කිව්වා. මන් විගහට ගොහිල්ලා එනකම් වලව්වත් බලා කියාගෙන ඉන්න ඕනෑ "
අප්පච්චි එක්කලාම ඉස්සරහ දොර දිහාට්ට යද්දි දැක්කේ මිදුලේ නවත්තලා තියෙන වාහනේ ඇතුළට නිලූෂයි ගුණේ මාමයි බඩු මලු දානවා. අම්මා නම් නැගලත් ඉවරයි.
එයාලා කඩුල්ලෙන් එළියට යන දිහා බලන් හිටපු නිලූෂ ළගට ගියපු මන් ඒ අත අල්ල ගත්තේ ලොකු හුස්මක් පිට කරලා.
" මොකෝ මයෙ හාමු සුසුම් ලෑවේ ආ "
" අපි තුන් දෙනාට නිදහසේ ඉන්න පුළුවන් නිලූෂ. මන් කමනි නැන්දටත් අද නිවාඩුවක් දෙන්නම් . "
YOU ARE READING
අත් වැරැද්ද ( Completed )
Non-Fiction" වීරන්කෙඩුව වලව්වේ පුංචි හාමු අවසරද මට......... පුංචි පැටියගේ චූටි අප්පච්චි වෙන්න " - නිලූෂ සත්සිදු -