" අ හ් "
උදේ පාන්දරම ඇහැරිච්ච මන් නුරාදවත් තුරුල් කරන් තදේටම ගොරව ගොරව ඉන්න නිලූෂ දිහාත් බලලා ඇදෙන් බහින්න හැදුවත් ඉනෙන් පහළ මුළු සර්වාන්ගේම ඇදුම් කා ගෙන යද්දි මන් කෙදිරිත් ගාගෙනම ඉන්ද වුනා. රෑ තිබ්බ නැති කැක්කුමක් දැන් ඇවිල්ලා වෙද්දී මයෙ යටි බඩ පුපුරු ගසනවා වගෙ.
කොච්චර ඇග ඇදුම් කන්න තරම් රිදුනත් මයෙ මුළු හිතම අමුතුම සතුටකින් පිරිලා ගිහිල්ලා තිබුනා. වෙනදාට වඩා හරි ශක්තිමත් හැගීමක් නිලූෂ ගැන මයෙ හිතේ පැළ පදියම් වෙද්දී මන් ඇදෙ දිගා වෙලා ඒ නළල් තලයට සිපුමක් තිබ්බා. ඒත් මට මදියි කියෙලා හිතෙද්දි මන් කළේ ආයේ ආයේ ඒ මුළු මූණ පුරාවටම සිපුම් තිබ්බ එක වෙද්දී එයා ඇහැරිලා මයෙ පැත්තට හැරිලා මාව තුරුල් කර ගත්තේ අඩවන් වෙලා තිබ්බ ඒ ඇස් වලින් මයෙ දිහා බලාගෙන .
" මන් ඊයේ මයෙ හාමු මහත්තයාට කිව්වා ටිකක් අමාරු වෙයි කියෙලා. ඇගත් ටිකක් රස්නිද මන්දා "
" ඉස්සෙල්ලාම නිසයි අමාරු වුනේ. පස්සේ ආයේ කරද්දි හරි නිලූෂ "
ඒ පපුවේ හිටලා තිබ්බ මයෙ දත් පාරවල් මන් හරි පරිස්සමින් අත ගෑවා.
" මයෙ ළග බෙහෙත් තියෙනවා. බත් ටිකක් කාලා ඒ ටික බොමු. එතෝට හරි යයි. "
එහෙම කිව්ව එයා මයෙ නළලට සිපුමක් තියද්දි මාත් තව තව ඒ පපුව අස්සේ ගුලි වුනා.
" තව ටිකක් මෙහෙම ඉදලම යමු "
" ම් "
මට තව එයාගේ තුරුලෙම ඉන්න හිතුනා වෙද්දී මන් තව ඉමුයි කියෙලා කිව්වා. ඊයේ රෑ මන් මයෙ නිලූෂගෙම වුණු දවස. මයෙ මේ කාමරේම මන් එයාගේම වුනා වෙද්දී බිමට එලා ගත්ත ඒ ලා පාට ලොකු රෙදි කෑල්ල රෑ නිදා ගන්න කලින් මන් හරි පරිස්සමට නවලා අල්මාරිය අස්සේ ගැහැව්වා.
" මයෙ හාමු මට ස් සමාවෙන්න ඕනී"
" ඇයි එහෙම කියන්නේ. ඊයේ රෑ මන් ගොඩක් සතුටු වුනා නිලූෂ. අදත් මන් සතුටින්. මන් ආසයි ඒ හැගීමට "
මන් එහෙම කියද්දී නිලූෂ හිනා වෙලා මයෙ කම්මුලට අත තිබ්බා.
YOU ARE READING
අත් වැරැද්ද ( Completed )
Non-Fiction" වීරන්කෙඩුව වලව්වේ පුංචි හාමු අවසරද මට......... පුංචි පැටියගේ චූටි අප්පච්චි වෙන්න " - නිලූෂ සත්සිදු -