" ඉක්මන් කරන්න බැරි ද නිලූෂ. මනමාලියක් හරි ගස්සනවා වගේනේ පුතාව හරි ගස්සන්නේ "
" පොඩ්ඩක් ඉන්න කෑ නොගහ. අපේ පැටියා ලස්සනට යන්න එපැයි. "
අද අපෙ චූටි බටිති පැටියා හා හා පුරාම කියලා ඉස්සෙල්ලාම පෙර පාසලට යන දවස. ඉතින් චූටි තද නිල් පාට කලිසමට සුදු පාට කමිසේ ඇදලා ඊට උඩින් ලා නිල් පාට අත් නැති හීනි පටි දෙකක් තියන තවත් කමිසයක් ඇදලා ඉන්න නුරාද හරි ලස්සනයි. මන් මේ චූටි ලේන්සුවක් ඒ කමිසේ අමුණලා පැටියගේ තලෙලු මූණට සුවද පුයර ටිකක් ඉලුවා වෙද්දී හාමු මහත්තයා මයෙ කාමරේට ඇවිල්ලා කෑ ගැහැව්වා පරක්කු වෙනවා කියලා .
දෙසැම්බර් මුල් සතියෙ තමයි ඉතින් ආයේ අලුතින් පෙර පාසල් පටන් ගන්නෙ. පොඩි බේබී කමනි නැන්දට කියෙලා කිරි බතක් හදද්දී මන් පුතාට හොරෙන් එයාට ගත්ත චොකලට් කෙක් එක බේබීගෙ කාමරේ තිබ්බා. මන් කොල්ලව ලෑස්ති කරනකම් බේබී එයාගේ මේසේ ලස්සනට හරි ගස්සල ඇති කෙක් කපන්න.
" ඔන්න හරි රන් කොටේ "
පැටියව එහෙන්ම වඩා ගත්ත මන් එයාව දුන්නේ බේබිගේ අතට.
" යන් කාමරේට ඉක්මනින්. අම්මා එයාගේ කාමරේ ඇදුමක් මහනවා "
එහෙම කියපු බේබී පැටියවත් අරන් ඉස්සර වෙද්දී මාත් ඒ පස්සේ ගියා. කෙසෙල් කොළේක කපාපු කිරිබත් කැටයි ආනමාලු කෙසෙල් ඇවරියයි චොකලට් කෙක් එකයි මේසේ එල්ලලා තිබ්බ බැලුම් බෝල කීපයයි එක්ක බේබිගේ කාමරේ හරි ලස්සනට තිබ්බා .
...................................
" ආ කපන්න පැටියෝ. කෝ අර කැමරාව දිහත් බලන්න "
පැටියා කෙක් කෑල්ල කපන එකත් නතර කරලා ඉස්සරහ බලද්දීම නිලූෂ අපි දෙන්නාගේම ෆොටෝ එකක් ගැහැව්වා. මේ ළගදියි අපි දෙන්නා සල්ලි දාලා අලුතින් කැමරාවක් ගත්තේ අපේ ඇල්බම් එක ෆොටෝ වලින්ම පුරවන්න .
" නිලූෂ කෝ මෙහාට එන්න"
කෙක් කපන පැටියගේ අතිනුත් අල්ලන් ඉන්න නිලූෂගේත් මන් ෆොටෝ එකක් ගැහැව්වා.
YOU ARE READING
අත් වැරැද්ද ( Completed )
Non-Fiction" වීරන්කෙඩුව වලව්වේ පුංචි හාමු අවසරද මට......... පුංචි පැටියගේ චූටි අප්පච්චි වෙන්න " - නිලූෂ සත්සිදු -