විසිනවවැනි කොටහා

657 78 8
                                    





දෙසැම්බර් ඉස්කෝලේ නිවාඩුව නිසා මන්  නිලූෂව කැම්පස් එකටත් දාලා ගියෙ නුරාද එක්කලා පෙර පාසලට. නිලූෂට හෙට ඉදලා විහාගේ ඉවර නිසා ජනවාරි දෙවැනි සතිය වෙනකම් ලොකු නිවාඩුවක් තියෙනවා. නුරාදටත් සිකුරාදායින් පස්සේ පෙර පාසලේ නිවාඩු.






" පුතේ අහස්....  අද ලස්සනයි නෙ පොඩ්ඩා."

පෙර පාසලේ මිස්ව අපිට හම්බුනේ මන් පුතාගේ බෑග් එක ගලවලා නුරාද පුටුවෙන් වාඩි කරවද්දී. ටීච ළගට ඇවිල්ලා පොඩ්ඩගේ ඔලුවත් අත ගාලා එහෙම කියද්දී කොල්ලා මිස්ගේ දිහා බලලා මගේ දිහා බැලුවා.




" සර්ගේ මල්ලි මොකො මේ පැත්තට ආවේ වත් නෑනේ. "


" එයාට කැම්පස් එකේ විභාගේ මිස්. එන්න වෙන්නෑ ඉතින් "

එතැනත් කතා කර කර ඉදලා වාහනේට එන්න ලෑස්ති වෙද්දී නුරාද වෙනදා වගේම අඩන්න ගත්තත් හරි මිස් පැටියව වඩා ගෙන අනිත් ළමයි ගාවට එක්ක ගිය නිසා මන් එවලෙම ආවා.
නිලූෂ නම් නුරාද අඩන්න පටන් ගත්තොතින් නම් පෙර පාසල පටන් ගන්නකම් පැටියා එක්කම ඉදලමයි එන්නෙ. කොච්චර මන් එහෙම කරන්න එපා කිව්වත් මගේ වචන කනකටවත් ගන්නැතුව ඔහේ ඇහන්නෑ වගෙ ඉන්නවා.






" පුතා ළමයව දැම්මද "


" ඔව් අප්පච්චි මොකක් හරි වෙන්න ඕනිද මගෙන් "

වලව්වට ආපු මන් වාහනෙන් බැස්සත් හරි අප්පච්චි කතා කරේ මගේ යට ඉදන් උඩට බැල්මක් දාලා වෙද්දී මන් අරහෙම ඇහැව්වා .


" නැහැ පොඩි ඒත් මට‍ උබ එක්කලා කතා කරන්න ඕනී යමු කො ඩිංගකට පොකුණ පැත්තට "

අප්පච්චිගෙ බැල්මෙන් නම් මට‍ කියන්න පුළුවන් වැදගත් දෙයක් ගැන තමයි මේ එයා කතා කරන්න යන්නේ කියලා. නැත්තම් එයා කියන්නෑනේ මට‍ පොකුණට යමුයි කියලා.

මන් පොකුණේ බැම්මෙන් ඉද ගනිද්දී අප්පච්චිත් මයෙ ළගින් ඉද ගෙන ලොකු හුස්මක් පාත දැම්මා.



" ඊයේ හවස මොකක්ද අර ළිද ළගදි අර කොල්ලා එක්කලා කරපු ලැජ්ජා නැති වැඩේ ඈ පුතා "

අත් වැරැද්ද ( Completed )Where stories live. Discover now