" පුතා දැන් කවද්ද එතකොට එන්නෙ "
" එන දවසක් හරියටම කියන්න බැහැ. දවස් තුන හතරක් විතර ඉදලා එනවා අප්පච්චි. "
හෙට උදේ කොළඹ යන නිසා මන් ගියෙ ඔන්චිල්ලාවේ ඉදගෙන විටක් කකා ඉන්න අප්පච්චි ළගට මන් කොළඹ යනවයි කියන්න .
" තනියම ද යන්නේ පොඩි එතකොට "
" නැහැ අප්පච්චි පුතා එක්ක යනවා. නිලූෂත් එනවා මේ අපි එක්කලා "
නිලූෂත් එනවැයි කියලා කිව්ව ගමන් අප්පච්චිගෙ මූණේ ඉරියව් බලා ගෙන ඉද්දි වෙනස් වුණා.
" තේ වත්තේ වැඩට මිසක් මන් ඒ කොල්ලා ගත්තේ උබ එක්කලා රවුම් ගස්සන්න නෙවෙයි. ඒකා කැම්පස් යන්න තේරුණු නිසයි මන් උට කැම්පස් එකට යන්න කියලා නිවාඩු දවස් වලට වත්තේ වැඩ කරන්නයි කියලා කිව්වේ පොඩි . උට මන් පඩි ගෙවන්නේ පුතේ නිකම් කකා බිබී ඉදලා ඉගෙන ගන්නමත් නෙවෙයිනේ . ඒකා දැන ගන්න ඕනී ඉගෙන ගන්න ගමන් තමුන්ගෙ රස්සාවත් හරියට කරන්න. මන් හිතනවා තමුන්ට ඒක තේරුනයි කියලා. කෝ දැන් ඒ කොල්ලා "
" එයා නා ගන්නවා අප්පච්චි "
මන් හිතුවේ නෑ අප්පච්චි ඔහොම කියයි කියලා.
" ම් කොල්ලට කියන්න ඕනී හෙට උදේ ඉදලා කැම්පස් පටන් ගන්නකම් තේ වත්තේ වැඩට එන්න කියෙලා. "
එහෙම අප්පච්චි කියද්දී මන් එන්න ආවේ කාමරේට. කොහොමද අනෙ දිනුලගේ ගෙදර යන්නේ මගෙ කොල්ලා නැතුව. මෙදා පොටෙත් අපිට කොහෙවත්ම යන්න වෙන්නෑ එහෙනම්. නිලූෂ උදේ වැඩට ගියොත් එන්නෙ හවස් වෙලා වෙද්දී පැටියටයි මටයි තනියම ඉන්න තමයි වෙන්නේ වලව්වෙම.
" අ පා... "
මම් ජනේලෙන් එළිය බලන් කල්පනාවක ඉද්දි නුරාද මට දික් කරේ එයාගේ චිත්‍ර ඇද ඇද හිටපු කොළයක් වෙද්දී මන් බැලුවේ ඒ මොකක්ද කියලා.
ගෙදරක පොඩි ළමයි දෙන්නෙක් සෙල්ලම් කරනවා. පාට කරලා නැති ඒ රූප හරි ලස්සනට තිබ්බා.
" යමුකෝ පැටියෝ දැන් අපි දෙන්නම මේක පාට කරලා ඉවර කරමු. "
" ආ "
YOU ARE READING
අත් වැරැද්ද ( Completed )
Non-Fiction" වීරන්කෙඩුව වලව්වේ පුංචි හාමු අවසරද මට......... පුංචි පැටියගේ චූටි අප්පච්චි වෙන්න " - නිලූෂ සත්සිදු -