" මැණිකේ මොකෑ මේ කල්පනා කර කර ඉන්නේ ඔතන්ට වෙලා ඈ "
මම් තේ වත්තේ වැඩ බලලා හවස වලව්වට එද්දිම වගෙ දැක්කේ මගෙ හාමිනේ ලොකු ඔන්චිල්ලාවේ වාඩි වෙලා පොතකුත් අතේ තියන් ඔහේ කල්පනා කර කර ඉන්නවා.
" එහෙමත් නෑ මහත්තයෝ ඇතුළේම ඉදලා ඉදලා කම්මැලි හිතුනු නිසා මන් මේ එළියට ඩිංගක් ආවා. "
" ආ ඒක මිසක් මන් ඒත් මොකද මේ කියලා බැලුවා "
එහෙම කියලා මන් එන්න ආවේ කාමරේට. ගිය සැරේට වඩා මේ සැරේ නම් තේ වත්තෙන් හම්බ වෙච්ච ආදායම සරුයි ගොඩක්. වැඩත් වැඩි නිසා තව කොල්ලෙක් එහෙමත් වැඩට ගන්නත් වෙයි මට.
නිලූෂ... ඒ..කා මගේම වතු වලත් වැඩ කර කර කොහොමහරි මගෙ පුතාවත් අල්ල ගත්තා එහෙනම් උබ. ඕකා හරියට අප්පුවා මගෙ අයියව මේ වලව්වෙන් ගෙනිච්චා වගේ මගෙ දරුවත් එක්ක යයිද දන්නෑ. බලමුකෝ අපි ඉස්සරහට.
එදා ඉස්පිරිතාලේන් කකුලේ කැක්කුමට බෙහෙත් ගත්තත් තාම නෙවෙයි ඒකෙ ගුණේ මගෙ කකුලට ඇල්ලුවේ. ඇවිද්ද නිසාද මන්දා කකුලේ කැක්කුම තව වැඩියි වගේ.
" කමනි... කමනි... මට කහට එකක් වක් කරාපන්කෝ "
" හොදමයි ලොකු හාමු. මන් විගහට හදලා දෙන්නම්කෝ. මහතුන් අයියත් හොද කිතුල් හකුරු මුලකුත් දුන්නා ඕන්"
" කිතුල් හකුරු එක්ක දීහාන් එහෙනම්. මන් ඉස්තෝප්පුවට වෙලා ඉන්නම් "
එහෙම කියලා මන් එන්න ආවේ ඉස්තෝප්පුවට. කිතුල් හකුරු කෑල්ලකුත් හපා ගත්ත මන් කහට කෝප්පෙන් උගුරු දෙක තුනකුත් බිව්වා. නිලූෂ කොල්ලා හැබැයි මන් නැති කාලෙක වුණත් මගෙ පොඩි එකායි උගෙ පැටියයි නම් හොදට බලා ගනියි වගේ . මගෙ හාමිනේ දැන ගත්තොත් නම් මුන් දෙන්නගේ සම්බන්දෙ ගැන පොඩීට විසුමක් වෙන එකක් නැති වෙයි.
.......................................
" පැටියෝ මොනාද අප්පේ ඔච්චරටම ඕක දිහා බලන් ඉන්නෙ ම්ම්.. "
නුරාද හාමු ළගට එන්න ගියත් නතර වෙලා දිනුල මහත්තයගේ අප්පච්චිගෙ ෆොටෝ එක දිහා බලන් හිටපු නිසා මන් ගියෙ පැටියා ළගට.
YOU ARE READING
අත් වැරැද්ද ( Completed )
Non-Fiction" වීරන්කෙඩුව වලව්වේ පුංචි හාමු අවසරද මට......... පුංචි පැටියගේ චූටි අප්පච්චි වෙන්න " - නිලූෂ සත්සිදු -