අපෙ පැටියා වෙනදා වගේම නිලූෂ ගේ පපුව උඩ බෙල්ලත් බදා ගෙන වදුරු පැටියා වගෙ නිදා ගෙන ඉද්දි ඒ දෙන්නට සද්දයක් වත් ඇහෙන්නැති වෙන්න මන් ගියෙ වොෂ් රූම් එකට මූණ කට හෝද ගන්න. දැන් නම් කොන්ඩේ ටිකක් කැපුවා නම් හොදයි. නැත්තන් හැමතැනින්ම කෙස් ගස් මූණට එද්දි හරි කරදරේ.
කමිසෙ බොත්තම් ටිකත් දා ගත්ත මන් ඔලුවත් පීරලා බූලයකුත් දාන් ගියෙ පහළට.
" තා විස්කෝතු එකකුත් බබාත දෙන්නකු මාමි "
" පුංචි මහත්තයා විස්කෝතු දෙකකට වඩා කෑවොත් මට ලොකු මහත්තයගෙන් බැනුම් අහන්න වෙයි බත් කන්නෑයී කියලා "
මන් කුස්සියේ පැත්තට එද්දි රාහු කිරි කෝප්පෙකුත් අතේ තියා ගෙන විමලගෙන් තව විස්කෝතු එකක් ඉල්ලනවා.
" මහත්තය දැන් ද නැගිට්ටේ. කිරි එකක් හදන්නද මන් නැත්තම් කෝපි ටිකක් හදලා ගන්නද මහත්තයා "
" මන් හදන් බොන්නම් විමලේ. කෝ දිනුල පෙන්න නෑනේ "
" සර් නම් උදේන්ම ගියා හෝටලේට. දහයට විතර එයි සර් නම් මහත්තයා. "
" මාමි නුලාද තාම දෝද ඈ "
මන් කිරි තුනක් වක් කරන්න කෝප්ප ටිකක් ගද්දි රාහුල් මගෙ ළගට ඇවිල්ලා නුරාද ගැන ඇහැව්වා. අපි එහෙදි එළකිරි බිව්වත් මෙහෙ තියෙන්නේ ලොකු ටින් කිරි.
" ඒකනේ එයා තාම දොයියා. අපි දෙන්නා පස්සේ නැගිට්ටවමුකෝ ඒ කම්මැලි පැටියාව හොදද "
මන් එහෙම කියද්දී එයා හිනා වෙලා පොඩි පුටුවේ වාඩි වෙලා ආයේ කිරි එක බොන්න ගත්තා.
" නුලාද කී බොන්ත ඇහැලෙන්ත නුලා ද "
මන් නිලූෂව නැගිටලා කිරි එක දෙද්දී රාහු නුරාදව හොලව හොලව කතා කරනවා.
" මාමි මෙයාත විස්කෝතු "
" මෙයාට උදේට විස්කෝතු දෙන්නෑ රාහුල්. කෝ...ඔයා කිරි බොන්නෑ "
නිලූෂ එහෙම අහද්දී රාහුල් නෑ කියලා ඔලුව වනලා ජනේලේ ළගට ගිහිල්ලා ජනෙල් ඇරියා.
YOU ARE READING
අත් වැරැද්ද ( Completed )
Non-Fiction" වීරන්කෙඩුව වලව්වේ පුංචි හාමු අවසරද මට......... පුංචි පැටියගේ චූටි අප්පච්චි වෙන්න " - නිලූෂ සත්සිදු -