" චටාස් "
බේබී හාමුගේ කාමරේට ගිහිල්ලා දොර අරින්න හැදුවත් කවුරු හරි මාව ඇදලා අරන් කනට පාරක් දුන්නු පාර මට හිතුනා ඒ ලොකු හාමු තමයි කියලා. බැලින්නම් ඒ ලොකු හාමුම තමයි ඇත්තටම . ලොකු මැණිකෙත් ඉන්නෙ පිටිපස්සට වෙලා මගෙ දිහාම බලා ගෙන හිනා වෙවී.
" සක්කිලියා....... පලයන් මේ වලව්වෙන් දැන්ම තෝ "
" ම්.. "
මන් කතා කරන්න යන්න හදද්දීම මයෙ හාමුගේ දොර අරුනා වෙද්දී පොඩි බේබී දඩි බිඩි ගාලා මගෙ ළගට ආවා .
" අප්පච්චි...... එයත් යනවා නම් මාත් යනවා අප්පච්චි.. ඔයා කොහොමද මෙහෙම මෙයාව එළවන්නේ ආ . අපෙ අම්මනේ දෙයියනේ මගෙ පැටියට කරදර කරන්න හැදුවෙ. මෙයා හිටියේ නැත්තන් මගෙ දරුවා.... මගෙ පැටියාට තුවාල වෙලා මෙලහකට "
මගෙ හාමු කිව්ව දේ එක්කලා මන් බැලුවේ ඒ ඇස් දිහා. විශ්වාස කරන්නත් බැහැ හාමුද ඒ මාත් එක්ක වලව්වෙන් යනවා කිව්වේ කියලා වෙද්දී ලොකු හාමු නම් හිනා වුණා.
" මන් හිතුවා උබ මේ සක්කිලියා නිසා වලව්වෙන් යන්නම යයි කියලා. හොදයි පුතා උබට මේකා එක්කම යන්න පුළුවන්. "
" අප්පච්චි ඔයා කියන් නෙ ය න්න කියලා ද එතකොට. ඒ කියන්නේ අප්පච්චි නිලූෂව..."
නුරාද කාමරේ ඉද්දි හාමු එහෙම කියා ගෙන ආවේ ලොකු හාමු ළගට.
" මොනාද පුතා උබ මේ දොඩන විකාර ආ.... මේ කොහෙවත් යන එකෙක් නිසා උබ වදාපු අම්මා අප්පච්චිව දාලා යන්න තරම් මයෙ පු තා එච්චර ම අපිව වටින්නැද්ද ඈ පොඩී. උබට කැක්කුමක් නැද්ද උබ වදාපු මේ අම්මා ගැනවත් ආ "
" අම්මේ මගෙ දරුවට ගිනි පොල්ලෙන් ගහන්න හදද්දී මන් ඔයාලගෙන් ඈතට යන්නැතුව වෙන මොනා කරන්න ද. මන් හිතුවේ වත් නෑ අම්මා ඒ වගෙ දෙයක් කරයි කියලා වත් "
හාමු එහෙම කියද්දී ලොකු මැණිකේ දත් මිටි කෑවා.
" පොඩි උබෙ ළමයා මට මොකක්ද කරන්න හැදුවෙ කියලා දන්නවද ඈ... ඒකා මාව පුච්චලා දාන්න ආවේ. පිටිපස්සෙන් සද්දයක් ආවා නිසා මන් හැරිලා බලපු නිසා හොදයි. නැත්තම් මේකා මගෙ අත පුච්චලා දාන්නේ. උබට ඉතින් මේ නාකි අම්මට වඩා මහා ලොකුවට නුරාදව ලොකුයිනේ. අනික උබට ලැජ්ජාවක් ඇත්තෙම නැද්ද මේ මනුස්සයට ආදරේ කරන්නෙ ආ. උබට ආයේ දීග යන්න ඕනියි කිව්ව නම් මන් ම හොද දැරිවියක් උබට පුතේ හොයලා දෙනවනේ "
YOU ARE READING
අත් වැරැද්ද ( Completed )
Non-Fiction" වීරන්කෙඩුව වලව්වේ පුංචි හාමු අවසරද මට......... පුංචි පැටියගේ චූටි අප්පච්චි වෙන්න " - නිලූෂ සත්සිදු -