තිස්‌හයවැනි කොටහා

576 66 16
                                    








" අහ් අයියා නැගිට්ටද මේ පාන්දරම "



" ඔව් මාත් නැගිට්ටා. මන් මේ බෝ මලුව අමදින්නම් මල්ලි . "


පොඩි ඇදේ නිදාගෙන හිටිය මට ඇහුනේ දොර අරින හඩක්. අර පොඩි එකා අමදින්න යන්න ඇති. මාත් ඇදෙන් බැහැලා මූණ කටත් හෝදගෙන ගියෙ මිදුල අමදින්න. කොච්චර ලොකු පිනක්ද බෝ මලුවක් අමදින එක.





" හරි අයියේ එහෙනම් ඔයා මේ මලුව අමදින්න. මන් උඩ මලුව අමදින්න යන්නම් එහෙනම් "




ගොඩක් සීතළයි. අවටින් ලාවට එළිය වැටීගෙන එද්දි මන් උදේ පාන්දර මලුච අමදිනවා. හිතට මහා සන්සුන් කමක් දැනෙද්දී අනාගතේ ගැන දැනෙන බිය නොසන්සුන් කම දුක යටපත් වෙලා මට දැනුනේ ලොකු සැහැල්ලුවක්.





" නිලූෂ පුතා පාන්දරම නැගිටලා වැඩ වගෙ. "



මන් මිදුල ඇමද ඇමද ඉද්දි ආවේ ලොකු හාමුදුරුවන් වහන්සේ චෙනකොට ඉදලත් පැත්තකින් තියෙලා දණගහලා වැන්දා මන් .




" එහෙමයි හාමුදුරුවනේ. "



" ඔය ඇත්තා මට දැන්ම හම්බුනු එකත් හොදයි. අද දානේ දෙන්න පන්සලට එන්නෙ මේ ගමේ උප පොලිස්පති තුමයි එයාගේ පවුලෙ උදවියයි. ඒ ඇත්තන්ටනේ අද හීලි දානේ දෙන්න තියෙන්නේ. ඊයේ හවසත් මා එක්කලා ඒ උපාසක මහත්තයා කතා කරලයි ගියෙ. එවෙලාවේ කිව්වා මන් ඔය දරුවා ගැනත්. ඒ මහත්තයා නම් කිව්වා ඉතින් උපාධිය තිබ්බොත් නම් තව මොකක්දෝ මන්දා එයාලා දෙන පරීක්ෂණ විභාග වලින් එහෙමත් සමත් වුනොත් කෙලින්ම පොලිස් ස්ථානාදිපති තුමාම වෙන්නත් පුළුවන් කියලා. කොච්චර වැදගත් රස්සාවක්ද කියන්නකෝ කොල්ලෝ ඒ . පොලිස් ස්ථානාධිපති තුමා කියන්නේ ලේසි පාසු කෙනෙක් නෙවෙයිනෙ ඉතින්. පුතත් පොඩ්ඩක් හිතලා බලන්නකෝ ඒ ගැන . අර මහත්තයා ආපුවාම තවත් ඒ ගැන කතා කරත හැකියි දරුවට "




එහෙම කියලා හාමුදුරුවෝ ධර්ම ශාලාවට වඩිද්දි ටිකක් ඉතිරි වෙලා තිබ්බ බෝ කොළ ටිකත් අහුලලා ගියෙ විහාර මලුවත් අමදින්න.






" අයියේ මන් දැන් ගෙදර යනවා. මෙන්න කාමරේ යතුර "



විහාර මලුවත් පිරිසිදු කරපු මන් අතපය හෝද හෝද ඉද්දි ආවේ මල්ලි.




අත් වැරැද්ද ( Completed )Where stories live. Discover now