" මේ ටිකද බන් ඒ මිනිහා ගැන හොයා ගත්තු දේවල් "
" දැනට ඉතින් ඔච්චරයි තමයි බන්. මේවට ඉතින් දවස් ගණන් යනවා. මේ ටික සර්ට දෙමු. "
මන් එකතු කර ගත්ත ටිකයි දමියා එක්කහු කරපු ටිකයි මේසේ ලාච්චුවට දාලා අපි ගියෙ අනිත් තුන් දෙනා හම්බෙන්න.
" උබලා දැන්ද ආවේ බන්. ලොකු සර් ඇවිල්ලා ආයේ රන්දුනු සර් එක්කලා උඩට ගියා. "
සතියක් ගියාට මොකද මන් මේ වෙනකම්ම දැක්කේ නෑ අපෙ අංශ භාර ප්‍රධානිතුමා.
" ලොකු සර් අද ආවද මෙහෙට "
" ඔව් සර් අද ආවා. උබලා දෙන්නගේ වැඩේ ඉවරයිද නිලුවා "
" නෑ තව ටිකක් තියෙනවා "
උදේ පොලීසියේ පුහුණු වීම් වලින් පස්සේ කෙලින්ම ආවේ වැඩ කරන තැනට . හවස තියෙන දේශනේට නම් අද යන්න වෙන්නෑ වගෙ.
" බඩගිනි බන්. මට දවල්ට කන්නත් බැරි වුණා. මගෙ බත් එක නරක් වෙන්න කලින් කන්න ඕනී "
රෑ අටටත් කිට්ටු වෙලා තියෙද්දී අපි තාම පුටු රත් කරගෙන වැඩ කරනවා. කෝකටත් කියලා මන් දවල්ට උයලා තිබ්බ බතුත් පෙට්ටියට දා ගෙන ආවා.
" මේ තව ඩිංගක් තියේ. ඒ ටික බලලම කමු නිලූ "
කෑම කාමරේට ගියපු අපි දෙන්නා මගෙ බත් එක කන්න ගත්තා. හොද වෙලාවට ඒක නරක් වෙලා නෑ. රතු බතුයි තෙල් දාපු සම්බෝලෙයි. කිරිමැටි ගිලිනවා වගෙ තමයි හොද්දක් වත් නැතුව.
" හිටපන් කෝ මගෙ මල්ලෙත් ඇති කෑම එකක් "
එහෙම කියලා දමියා ගිහිල්ලා එයාගේ කෙසෙල් කොළේ ඔතාපු බත් ගෙඩිය ගෙනාවා. කාලෙකින් පොළොස් ඇඹුලක් තියෙනවා.
" ඈ බන් උබ හෙට එතකොට ඒ නාකියාට කතා කරන්න යනවද "
" ඔව් බන් හෙට උදේට යනවා. මයෙ හාමුත් උදේන්ම ඉස්කෝලේ යනවනේ. එතෝට තවත් ලේසි "
" මන් නම් කියන්නේ ඒ වලව්වට යන්නවත් එපා බන්. උබ බල්ලෙක් වගේනේ එළවලා දැම්මේ උන් "
YOU ARE READING
අත් වැරැද්ද ( Completed )
Non-Fiction" වීරන්කෙඩුව වලව්වේ පුංචි හාමු අවසරද මට......... පුංචි පැටියගේ චූටි අප්පච්චි වෙන්න " - නිලූෂ සත්සිදු -