" ආයේ නෑනේ නේද හාමු "
" ඔක්කොම ගෙනාවා. ඕන් පැටියත් අනිත් මල්ල උස්සන් එනවා "
මන් ඉස්කෝලේ ඇරලා එහෙන්ම ගියෙ බඩු ගන්න. අද හවස දිනුලත් එනවා කිව්ව නිසා මායි නිලූෂයි හොද කෑම වේලකුත් උයන්න එපැයි රෑට .
" මන් නා ගෙනම එන්නම් හාමු. දාඩියේ බෑ. "
" යන් මාත් එන්නම් දැන් "
මන් ගෙදර එද්දි මගෙ නිලූෂ දේශනේට ගිහිල්ල ක්වාටස් එකට එන ගමන් හිටියෙ.
" කොහෙද මගෙ හාමු මහත්තයගේ ඇදුම් අර ගුලි කරලා ගුලි කරලා අස්සේ ගහලා තියෙන්නේ. ජංගි කොට කීයක් තියෙනවද එකේ.. ඔක්කොම ටික එතනද කොහෙදෝ තියෙන්නේ ගොඩ ගැහිලා "
" ඒ නිලූ... ෂ ඔයා ඒකත් ඇද්දද අනෙ.. හෙට හවසට හෝදන්න කියලා අස්සේ ගහලා තිබ්බේ. රාක්කේ ගහන්න බෑ හෝදපු ඇදුම්. කබඩ් එකේ දාන්න බෑ ඒත් එහෙමයි. ඒකයි ඉතින් මන් ඔයාගෙ මේසේ අස්සටම එබුවේ... හරි හරි දැන් කමක් නෑ මගෙ පිට අතුල්ලනකෝ "
මගෙ මනුස්සයටත් ඕන්නැති දෙයක් නෑ . දැක්කා නම් ඉතින් දැක්ක විදිහට කට පියන් ඉන්නයි. අනේ මන්දා ඉතින්. මාව ලැජ්ජා කරන්න ඒවා කියවනවා
" තූ ති අප්පත්ති.... ඔලා තාම ඉවල නාද අලෙ.. එන්තකු තෙල්ලම් කලන්න "
" චූටි අප්පච්චි විගහට නාලා එන්නම් පැටියෝ. එතකම් ඉන්නකෝ ඩිංගක් "
මගෙ පිට අතුල්ලපු නිලූෂ වතුර බාල්දියකුත් මගෙ පිටට ගහන ගමන් එහෙම කිව්වා වෙද්දී පැටියා ඉස්තෝප්පුවේ ඉදගෙන නිලූෂ එනකම් බලන් හිටියා.
" කොහෙද ඔය බලන් ඉන්නෙ මගෙ හාමු "
" මන් බැලුවේ මේ දවස් ටිකට ඒක ටිකක් ලොකු වෙලාද කියලා "
මේන් මයෙ මහත්තයගේ කන් දෙකත් රතු වෙලා. පුදුම ලැජ්ජාවක් නෙ මයෙ නිලූෂ කොල්ලට ඇවිල්ලා තියෙන්නේ. අනේ ඉතින් මෙහෙම ලැජ්ජා වුණාට බලන්න ඕනී වෙලාවකට මෙයාගේ මේ ලැජ්ජාව පැත්තේ ඇත්තේ නැහැ හොයන්නවත්.
YOU ARE READING
අත් වැරැද්ද ( Completed )
Non-Fiction" වීරන්කෙඩුව වලව්වේ පුංචි හාමු අවසරද මට......... පුංචි පැටියගේ චූටි අප්පච්චි වෙන්න " - නිලූෂ සත්සිදු -