" දැන් එතකොට අද රෑට හාමු මහත්තයා අම්මා ගාව නතර වෙනවද ඒ කියන්නේ... "
" ඔව් හතරහමාරට ලෙඩ්ඩු බලන්න වාට්ටුට යන්න දෙනවනෙ නිලූෂ . ඒ වෙලාවට ගිහිල්ලා මන් නතර වෙනවා. රෑට කවුරු හරි ඉන්නම එපැයි "
මන් දේශනේට ගිහිල්ලා ඇදුම් මාරු කරලා වැඩට යන්න ලෑස්ති වෙද්දී කාමරේට ආවේ හාමු මහත්තයා. ලොකු මැණිකෙට අඩියක් ගහලා ඇවිද ගන්න බැරි විදිහට කකුල් කැක්කුමක් හැදිලලූ.
" උදේට එනවනෙ නේද ම්... "
" උදේට අප්පච්චියි කමලා නැන්දයි එනවා කිව්වා. මන් රෑට බත් දෙකකුත් ලෑස්ති කරන් යන්නෙ. මගෙ මහත්තයට එන්න පුළුවන්ද ක්වාටස් එකට හතර වෙන්න කලින්. "
" මන් සර්ට කියලා හරි එන්නම්. නැත්තම් පැටියා තනියමනෙ. කෝකටත් සුප් එකකුත් හදා ගෙනම යන්න ලොකු මැණිකෙට "
දඩි බිඩි ගාලා කමිසේ දා ගත්ත මන් මගෙ නයි මල්ලත් අර ගත්තා. අයියෝ... මගෙ කන්නාඩි කුට්ටම කොහෙද ඒ පාර.
" මොනාද හොයන්නේ දා ගෙන. කෝ චුට්ටක් හැරෙන්නකෝ "
" ඇයි "
මන් මේසේ ලාච්චුවත් ඇරලා බලද්දී හාමු මට කතා කරත් හරි හැරුනේ එයාගේ පැත්තට.
" නළලේ ක්‍රීම්. දැන් හරි "
" කන්නාඩි කුට්ටම දාපු තැනක් මතක නෑ නෙ හාමූ "
ඇත්තමයි දත් මැදගෙන මූණ හෝද ගන්න ගියපු පාර මට අමතකයි කොහෙද දැම්මේ කියලා.
" ගයාන් සර් මට කතා කරාද "
" ඔතනින් වාඩි වෙන්න නිලූෂ. ඔයාගෙ වැඩ ටික නම් හොදට කෙරී ගෙන යනවා. ඒ ගැන නම් ආයේ කතා කරන්න දෙයක් නෑ. නිලූෂ කැම්පස් යන ගමන්මද මෙහෙ වැඩ කරන්නත් එන්නෙ "
මන් වැඩ කර කර ඉද්දි මට පණිවිඩයක් ආවා සර්ව ගිහිල්ලා හම්බෙන්න කියලා වෙද්දී මට හිතුනා මොකක් හරි අඩුපාඩුවක් වත් වුනාදෝ කියලා.
" ඔව් සර් දැනට අවුරද්දකට කිට්ටුයි "
" එහෙ වැඩයි මෙහෙ වැඩයි දෙකම කරන් යන්න පුළුවන්ද. කරදර නැද්ද "
YOU ARE READING
අත් වැරැද්ද ( Completed )
Non-Fiction" වීරන්කෙඩුව වලව්වේ පුංචි හාමු අවසරද මට......... පුංචි පැටියගේ චූටි අප්පච්චි වෙන්න " - නිලූෂ සත්සිදු -