හතලිස්නමවැනි කොටහා

550 69 16
                                    





" දිනූ උබ හිටියද පැටියා එක්ක "

" ඔව් බන් තාම අලුත් නෙ ඉතින්. නුරාද යාලූ එනකම් පැටියා අප්පච්චිට ඉන්න කිව්වා "

මන් පැටියව ඇරගෙන පෙර පාසලට එද්දි රාහුල්ව ඔන්චිලි පද්දනවා දිනුල. තාම නම් වැඩිය ළමයි ඇවිල්ලත් නෑ පේන්න.


" අප්පත්ති මෙලා එත්ත බාගෙ තීලා එන්තම් මන් "

එහෙම කියා ගෙනම නුරාදත් එක්ක රාහුලුත් ගියා ඇතුළට. දිනුලට නම් තැපැල් කන්තෝරුවේ රස්සාවක් හම්බුනා කිව්ව . උදේ අටේ ඉදන් හවස හතර වෙනකම් වැඩ ඉතින්. දොළහෙන් පස්සේ නම් රාහුල් වත් ළග තියාගෙන තමයි වැඩ කරන්නේ. ආණ්ඩුවේ රස්සාවක් හින්දා දිනුලට හොදයි ඉතින්. රස්සාව ඉස්ථිරයිනෙ දැන් . අපේ ගුරු පඩිය වගේ නෙවෙයි හැබැයි එයාලගේ රස්සාවේ පඩිය ටිකක් වැඩියි අපිට වඩා. සෙනසුරාදා ඉරිදා හැබැයි නිවාඩු එයාට නම්.



" මාර වැඩේ බන් මටත් උනේ බලහන්කෝ විරා "

" ඊලගට මොකද වුණේ තොට. එකක් නැත්තම් උබට තව එකක් "

" අර ගෙදර ඉන්න බැහැ බන්. අනේ මන්දා මන් ඒක ආයේ විකුණලා වෙන ගෙයක් හොයා ගන්න ඕනී. අල්ලපු ගෙවල් වල ඉන්නෙ තනිකරම කුඩු කාරයෝ වගේ උන් බන්. උන් දෙගොල්ල කුණු හරපෙන් හිටන් බැන ගන්නවා "


අමෙ අම්මේ කොහොමත් ආයේ ඔය ගෙවල් වල ඉන්න අමාරුයි දරුවෙකුත් තනියෙන් තියා ගෙන. මේ කරදර අස්සෙ දැන් කොහොමැයි දිනුවා ගෙවල් හොයා ගන්නෙ. අපේ ක්වාටස් එකේ ඉන්න තිබ්බා ක්වාටස් එක පොඩි නැත්තම්.




" ඔව් ඉතින් පොඩි එකා තියා ගෙන ඉන්න අමාරුයිනෙ එතකොට කොහොමත්.    ම්....... හැබැයි උබට මෙහෙම දෙයක් කරන්න පුළුවන්. අපෙ වලව්වේ ඉදපන්. දැන් අම්මත් නෑ නෙ. කොච්චර ලොකු වලව්වක්ද ඒක. හොදට ඉඩත් තියෙනවා "


" පිස්සුද බන් එහෙම හරි නෑ නෙ. අනික ලොකු හාමු මාමාත් මොනා හිතයිද බන්. උබලා ඇත්තෙත් නැහැ එහෙ "


" යකෝ අප්පච්චි මොනාත් හිතන්නෑ උබ ගැන. මොකද අදුරන්නැති මනුස්සයෙක් ඈ. අනික බන් අපි වුණත් ක්වාටස් එකට ගියෙ හැමදාම ඉන්න නෙවෙයි. ආයේ අපි තුන් දෙනාම වලව්වට එනවා දිනුවෝ . කොහොමත් බන් ඔය වලව්වේ පවුල් දෙක තුනකටම ඉන්න ඉඩත් තියෙනවා. "

අත් වැරැද්ද ( Completed )Where stories live. Discover now