" චූටි තාත්ති ඕවා ගණන් ගන්න එපා අයියෝ. පේන්නෑ කිරි අම්මා අපෙ අප්පච්චිටයි අයියටයි බැන්න විදිහ. ඉස්පිරිතාලේ අනිත් මිනිස්සු මොනා හිතුවත් අපිට මොකද. අනික කිරි අම්මගේ සිහිය විකල් වෙලා චූටි තාත්ති. "
" ඒවුනාට බලන්න දූ අම්මා දැක්ක හැටියේ බය හිතෙනවා. මොනාද එයා එච්චර පිස්සුවෙන් දොඩන විකාර. "
" එහෙම තමයි විරා. අම්මට දැන් තේරුමක් නෑ. ඉස්සරත් එයා ඔයාලා එක්කලා කේන්තියෙන් වෙන්න ඇති නෙ බන් ඉන්න ඇත්තේ. ඉස්සර ඉදලම හිතින් එක එකාට වයිර කර කර හිටියොත් අවසාන කාලේ සිහියක් පතක් නැති වෙනවා තමයි බන්. "
දිනුල මයෙ හාමු ළගින් ඉදගෙන එහෙම කියද්දී දෙව්මිත් මගෙ හාමු දිහා බලන් හිටියා. ලොකු මැණිකෙට අමාරු වුණු නිසා අපි හැමෝම ආවා ඉස්පිරිතාලේ. දෙනුවන් නම් ඊයේ ගෙදර ගියා. ලොකු හාමුයි ලොකු බේබීයි නම් ලොකු මැණිකේ ළග. රාහුල් කමනි නැන්දා එක්කලා ගෙදර. අපි ටික එළියේ වාඩි වෙලා ඉන්නවා.
" තූති අප්පත්ති අයි කී අම්මත තීය නති වුණේ..... "
" ඉස්සර ඉදලම පැටියගේ කිරි අම්මා හොද වැඩක් වත් හරියට කරේම නෑ නෙ. හොද නැති වැඩ කරපුහාම ඔහොම වෙනවා "
" මතත් ඒම වෙයිත තූති අප්පත්ති "
" මගෙ පුතා නාක බබෙක් නෙවෙයිනෙ. පැටියා ගුණ යහපත් විදිහට ඉන්නවනෙ. අනික අප්පච්චි එක්කලා පැටියා හවසට බුදු සාදුට පහන තියෙලා වන්දනා කරන්නෙ "
මගෙ ඔක්කේ ඉදගෙන හිටපු චූටි පැටියා මගෙ දිහාම බලන් ඉදලා එහා බංකුවේ වාඩි වෙලා ඉන්න මයෙ හාමු දිහා බැලුවා.
අද උදේ ඉදලා පැය ගානක් යනකම් ලොකු මැණිකේ අපි හැමෝටම සාප තියෙනවා. මයෙ හාමු මහත්තයට බනිනවා දාගෙන ඒකත් අප්පා වගේම මිනිහෙක් එක්ක අම්මා අප්පච්චිව දාලා පැනලා ගියා කියලා. ලොකු හාමු නම් කරේම නිහඩව පැත්තකට වෙලා බලාගෙන හිටපු එක. ඩොක්ටත් කිව්ව ලොකු මැණිකෙගේ සිහිය විකල් වෙලා කියලා. අපෙ පැටියා දැක්ක හැටියේ ලොකු මැණිකේ කියනවා අප්පු උබ මරනවා උබ මරනවා කියලා. පැටියත් බය වුණා ඒකට නම්. දැන් නම් ඩොක්ට සිහිය නැති වෙන්න බෙහෙතක් විදලා තියෙන්නේ.
YOU ARE READING
අත් වැරැද්ද ( Completed )
Non-Fiction" වීරන්කෙඩුව වලව්වේ පුංචි හාමු අවසරද මට......... පුංචි පැටියගේ චූටි අප්පච්චි වෙන්න " - නිලූෂ සත්සිදු -