COLOR WINGS -BL《 part 01》

401 11 0
                                    

🍷🕊
01

"රොස කල්පනා පාවෙලා
පායලා රෑ පුරා....
හීනි ඇස් සලා
පාවෙලා පායලා ආවදෝ මා සොයා...

දැනෙනවා දැනෙනවා
ඈ නිසා...
ආදරේට හේතු ගේන ආදරී ඔයා...."


"ලමායි මොකද මේ.....
ඉදගන්නවලා සේරම.... හැදෙනවා හොද විදිහකට.... ඉදගෙන ගන්නවා සාහිත්‍ය පොත...."

සිංහල සාහිත්‍ය උගන්නන ඩයල් එක ඇවිත් කණ්නාඩිය ගලවලා අපි දිහා බලලා රැව්වා...
ඔය රැවිල්ලට මිස්ගේ මහත්තයා අහුවුනාට අපි අහුවෙනවද නෑනේ.....

"ශමේල්....
කියනවා කේවට්ටතුමා උපහාසයට ලක්උන අවස්තා දෙකක්... බයිලා පාඩම් තියන එකේ පොතේ දේවලුත් පාඩම් තියෙන්න එපැයි...."

"මිස් අර සතරකන් මන්ත්‍රනය වෙලාවේ ගිරා පොතකයා බෙට්ටක් දැම්ම වෙලාව...."

"බෙට්ටක්.... "

"අහ් සොරි මිස් අසූචි..."

"ම්... තව එකක්..."

"කොළ පවිටු දුශ්ඨ අධර්මිෂ්ඨ නිකෘෂ්ඨ අවලක්ෂණ වු අඥාණ බමුණු මැහැල්ල.... අන්න ඒ සීන් එක මිස්..."

"ම් ඉදගන්නවා...."

කොහොමහරි මේ සිංහල උගන්නන නන්දාවතී අපේ ඉන්ටවල්එකෙනුත් බාගයක්ම අරගෙන උගන්නලා ගියා...
කන්න කියලා කෑම එක දිග අරින්න හම්බවුනේ නෑ සුදු තාත්තිව හොයාගෙන එයාගේ සුදු අම්මි ආවා....

ඔන්න ඉතින් මම ඉපදුන දවසේ ඉදලා මගේ අතිජාත මිත්‍රයා වෙලා ඉන්න මියෝල් උගේ වල් තද කලු ඇස් දෙකත් බෝල කරලා උගේ සුදු අම්මියා ලගට ගියා.... ඒ ආදරේ මේ හිතට දරාගන්න බෑ දෙයියනේ... මගේ මී පැටියා පතාගෙන ආවේ මේ මාව... දෛවය කියන එක වෙනස් කරන්න සයෝද් අයියා ආවනේ දෙයියනේ....

නිකටටත් අත තියාගෙන මේ කපල්එක පෙමින් වෙලෙන දිහා බලන් හිටියා මාත්....
එතකොටම තඩි පාන් පෙත්තක් මගේ කටට එබුවා මේ අයෝද් කියන පගර නැටියා....

"ශමේල් බලාගෙන උබේ ඇහේ පොට යයි හරිද...."

හහ්... පොට ගියොත් මගේ අහිංසක අම්මයි තාත්තයි පව් දෙයයියනේ..... මාව මේතරම් වයසක් වෙනකන් හදාගන්න කොච්චර කටු කාලා ඇද්ද... අර අපේ ගෙදර ඉන්න පොඩි එකිත් පව්

COLOR WINGS -BL Where stories live. Discover now