COLOR WINGS -BL 《 part 17 》

89 6 0
                                    

''අඩෝ බලපන් නේ දැන් අපේ එකා හෙන ෆේමස් කොල්ලෙක්....''

''ෆේමස් උනාට වැඩක් නෑ... තනිකරම දැන් මාව රෑකඩයක් වගේ....''

''උබ දැන් ශමේලයගෙන් අහගන්න තමයි ඔය හදන්නේ.... නෙගටිව් තින්කින් එපා කියලනේ ඌ කියන්නේ...''

''ඒත් තරුල් මම කියන්නේ ඇත්ත...  රේස් එක වෙනකන් මම රෑකඩයක්...''

''මෙහෙමයි රෑකඩයක් කියන්න බෑ බං උන් උබ පස්සෙන් ඉන්නේ... ඒ උබේ ආරක්ෂාවට''

''වෙන්න ඇති....''

''උබ මොකක් හරි මගුලක් ඔලුවේ තියාගෙන හිරවෙලා ඉන්නේ.... කියපන් මොකක්ද කේස් එක කියලා... මෙතන උබයි මමයි විතරනේ ඉන්නේ....''

'' ඇත්තම කිව්වොත් මගේ ලයිෆ්එක සෙල්ලමක්.... මට බයයි මං නිසා දේශ්ට කරදර වෙයි කියලා....''

'' මොකක්ද තිරිසනෝ උබ ඔය කියන්නේ... පැහැදිලිව කියන්නකෝ....''

''මං දන්නේ නෑ... මට මේක කියපන් මං දේශ්ට ලං උන එක වැරදීද කියලා.. මොකද මම තව ටික කාලයයි ඉන්නේ... මං නැති උනාම දේශ්....''

''උබට මොකක්හරි ලෙඩක් තියනවද... හංගගෙන ඉන්නේ නැතුව කියපන්...''

''මට ලෙඩක් නෑ... ලෙඩක් තියනවනම් රේස් එකට මට ඉන්න දෙයිද කියන්නකෝ...''

'' ෆයිනල් රේස් එකෙන් පස්සේ මං ලංකාවේ ඉන්නේ නෑ... අඩුම මාව බලන්නවත් මාව හම්බවෙන්නවත් උබලට බෑ....''

''ඇයි ඒ....''

''ඒක තමයි රූල් එක....''

''එහෙනම් උබ ඔය රේස් එකට නොයා ඉදපන්... මේ හැම දෙයක්ම දැනගෙනද උබ ඔය ගියේ...''

''හ්ම්...''

''තොට බනින්න මට වචන මතක්වෙන්නේ නෑ යකෝ..... ඇයි එහෙම කලේ....''

''කොහොම කලත් කවදා කලත් එච්චරයි.... මගේ දෛවය ලියලා තියන තැනින් පිට ගියේ මම ඔය හැමදේම දැනගෙන... ඒ නිසා ඒ ගැන කතා කරන්න එපා....''

''අනේ මන්දා උබ මොන දේ කිව්වත් යටින් දෙයක් හංගගෙන කියන්නේ කියලා මට තේරෙනවා....''

'' දේශ්ට කිසි දෙයක් කියන්න එපා....''

''හ්ම්...''

COLOR WINGS -BL Where stories live. Discover now