COLOR WINGS -BL 《 part 02 》

218 12 0
                                    

🍷🕊

උදෑසනම පොඩි අපි පාසල් යනවා පිප් පිප් පී..... ඔන්න ඔය විදිහට ගානට හත වෙද්දි ඉස්කෝලේ.... හා හා පුරා කියා ඉස්කෝලෙට අඩිය තිබ්බ ගමන් හම්බවෙන්නේ රයෝද් අයියා.... අදරෙන් මේ උදෑසනට සුභ පතන්න ලගට ගියා විතරයි රැව්වා රැවිල්ක් දියවෙලා යන්න.....

"ඉස්කෝලේ එන වෙලාව නේද මේ"

"තවම හතයි.... ඔබේ ඇස්වල අවුලක් සුදෝ අයියේ"

"මගේ ඇස්වල අවුලක් නෙවේ උබේ මොලේ අවුලක්...
රයෝද් ඊයේ කිව්වා නේද හයයි තිහ වෙද්දි එන්න කියලා... අන්න පූජා වට්ටිය අතේ තියන් ඉන්නවා උබව පිලිගන්න"

අමතක වීම් කියන එක මට ටිකක් වැඩිපුර තියනවා වගේ.... හෙට චෙස් ටූනමන්ට් තියන නිසා හවුස් හතරේ චෙස් භාරව ඉන්න අයට එන්න කිව්වා... දැන් ඇති දුම්මලවරම අතට ගත්ත එකා වගේ... ගැත්තාට සමාව වෙන්න දේවයන් වහන්ස... බිම දිගාවෙලා නිර්වස්තරව කිව්වත් මූ සමාව දෙන්නේ නෑ... සමාව කියන එකට ඉබ්බෝ දාලා ලොක්කරලා සුපර් ග්ලූත් දාලා සීලුත් කරලා තියෙන්නේ... සැක්.... රේසරේ බ්‍රේල්ඩ් තුන ගලවලා මූන පුරා ඉරි අදින්න ඕනී.....

අද බැන්නොත්නම් ඇමති තාත්තට කියලා මූව හිරේ දානවා....
දවසේ ප්‍රවෘත්තිය... තරුණයින්ගේ ආකර්ෂණය දිනාගත් මෝටර් රථ හා මෝටර්-සයිකල් ධාවන ශූරයෙකු වු රයෝද් දිමේන් සිංහවන්ශව අද දින අත්අඩංගුවට ගෙන තිබෙනවා... ඒ ඇමති පුත් ශමේල් ලිදේශ් කාරියවසම් ශිෂ්‍යයා හට දරුණු ලෙස බැන ඇති බැවින්...

"ශමේල්.."

"අහ් ගුඩ් මෝනින් සුදු අයියේ"

" අහගෙන ඉන්නවා දැන් කියන එක... පනිශ්මන්ට් එක පස්සේ"

මොන හිතකින්ද මේ කිරි සප්පයාට පනිශ් කරන්නේ.... සුදු අයියේ කියලත් කිව්වා දෙයියනේ මං... රේසරේ කියලා කිව්වෙත් නෑ.... ඇයි මේ....

අම්මේ ඔයාගේ මේ අහිංසකයාව මරන් කයි... එහෙම උනොත් නංගිට පේන්ට් රූම් එකට යන්න දෙන්න එපා... මගේ මී පැටියට කියන්න මං ආදරෙයි කව්වා කියලා... ඔයාලටත් ආදරෙයි... හැබැයි මං හොල්මනක් වෙලා එනවා... මේ රේසරේව බය කරලා මරන්න... නෑ එක්කෝ මූව මරන්න වෙන ක්‍රමයක් හිතන්න ඕනි... නිදාගන්න ගියාම තමයි ලස්සන හොද අයිඩියාස් එන්නේ... ඇස් පියාගෙන හිතපන් ශමේල්.... මූව මරන්නම ඕනි.....
මූව මරන්න කලින් ඒ එන සුවද මොකක්ද... බොක්කටම යනවා... අම්මා..... ශාරුක්ගේ සුවද වගේ... මගේ ගද සුවද දැනෙන නහයෙන් ඇස් පියාගෙනම සුවද හෙව්වා.... මේ ලස්සන තොල් දෙ මොකක්හරි මගුලක වැදුනා....

COLOR WINGS -BL Where stories live. Discover now