COLOR WINGS -BL 《 part 10 》

132 7 0
                                    

🍷🕊 

මේ දවස්වල ස්පෝට්මීට් නිසා උදේම ඉස්කෝලෙට යන්න ඕනි... ඒ මදිවට අර රේසරේ ස්කොඩ් ප්‍රැක්ටිසුත් දාලනේ.. ඕකට ගියේ නැත්තම් මං ඉදලා ඉවරයි.. ඒ නිසාම මගේ සන් ක්‍රීම් එකත් හොදට ගාගෙන උදේම ඉස්කෝලෙට ගියා... මං යද්දි ගිගාබයිට් ටීම් එකම එතන ඉන්නවා... අපේ උන් දෙන්නත් ඉන්නවා.. ඒ කියන්නේ මෙතෙන්න අඩු වෙලා හිටියේ මම විතරයිද.. කමක් නෑ දැන් මාත් ආවනේ වැඩේ හරි...

"ආ  ඔය එන්නේ මදිපාඩුව..
රයෝද් මෙන්න උබේ සූකිරි බෝලේ ආවා..."

තරුල් අයියා යටිගිරියෙන් බෙරිහන්දෙනවා... ඌට මොන යකෙක් වැහිලද මන්දා කවදාවත් නැතුව පිට්ටනියට ඇවිත්... රයෝද් අයියත් රැව්වා රැවිල්ලක් සුපිරියටම.. හොද වැඩේ කට පියන් ඉන්න බැරුවට...

ගිය අවුරුද්දේ අපේ ස්පෝට්මීට්එකේ ජූනියර් තිස්ස නිවාසයේ නිවාස නායකයා විදිහට කොඩිය අල්ලන් යන්න මං හිටියා... කොහොමහරි එදා එක එක තරග වලින් දිනන ඒවා එනව්ස් කරද්දි ඔය කොඩිය උස්සගෙන යන්න ඕනි... දෙකේ ඉදලා පහ විතර වෙනකන් මං ඉවසගෙන හිටියා සුපිරි ඉවසීමක්... ඉවසන්න බැරිම තැන මම මගේ වයිස් කොල්ලට කොඩිය දීලා ගියා වොශ්රූම් එකට... ඊට පස්සේ තමයි ආපහු කොඩිය අල්ලගන්න ආවේ.. බහිශ්‍රාවී වැඩත් අනිත් වැඩ වගේම හරියටම කරන්න ඕනිනේ.. ඊට පස්සේ මම කොඩිය අරන් තව තෑග්ගක් ගන්න ගියාට පස්සේ ඇවිත් හිටපු චීෆ් මට කතා කලා.. මං ශේප් එකේ පොඩ්ඩක් එයා පැත්තට නැමුනා ඩයල් එක මොකද කියන්නේ බන්න.. කොල්ලා ලස්සනයිවත් කියයි කියලා හදේ ලොකු බලාපොරොත්තුවක් තිබ්බා.. ඒත් ඔය චීෆ් කියන චීෆ් කාරයා මගෙන් ඇහුවේ පුතා චූ දාන්නද කලින් ගියේ කියලා...

අම්මපා මට උස්සන් හිටපු කොඩියෙන් ගහන්න හිතුනා.. මං ඉතින් හිනාවෙලා ආපහු හවුස් එකේ ලමයි හිටපු තැනට ඇවිත් කොඩිය අල්ලගෙන හිටියා...
මේ කිසි කෙනෙක් ඒක දන්නේ නෑ.. දන්නවනම් හතර විලි ලැජ්ජයි සාන්ත...

රයෝද් අයියා ස්කොඩ් ප්‍රැක්ටිස් කරන එක පැත්තකින් තියලා අපි ඉන්න තැනට ආවා...

"තරුල් සයෝද් උබලා දෙන්නා ස්කොඩ් ප්‍රැක්ටිස් බලපන් දැන් ඉදලා"

COLOR WINGS -BL Where stories live. Discover now