අද තමයි විශේෂම දවස... ඒ අපේ ඉස්කෝලේ ස්පෝට්මීට්එක හෙට නිසා... උදේ පාන්දර පහ වෙද්දි අපි හැමෝම ඉස්කෝලේ... උදේ ඉදලා අර රෑ වෙනකන්ම පිදුරු ගොඩේ ඉන්න තියෙන්නේ...හවුස් පහෙන් එක එක කූඩාරම් හදනවා... මේපාර තීම්එක තමයි සත්තු දැනට ප්ලෑන්එක විදිහට අපි හදන්නේ ලෝකු තල්මහෙක්.. එතකොට අපේ සහෝදර නිවාස වල උන් අලියෙක් දලබුවෙක් සමනලයෙක් මකරෙක් වගේ එක එක සත්තු හදනවා... ඔතනින් අපිට ටිකක් බයකට තියෙන්නේ මකරා තමා.. ඒත් අපි සැලෙනවද නෑ... අපි කොහොමහරි තල්මහෙක්ව හදනවා...
උදේම ඉස්කෝලෙට යද්දි නම් මහ අමුතු ෆීලින් එකක් ආවේ.. උදේම දැනෙන සීතල හරි වෙනස් හැගීමක්...
ග්‍රවුන්ඩ් එකට යද්දි හට් ගහලා... ග්‍රවුන්ඩ්එකේ එක කෙලවරක හට් පහක් තියනවා... ඒ හට්ලග බිම ඉදගෙන හැමෝම පිදුරු අඹරනවා... සමහරු පිදුරු අරන් ඒවා පේන්ට් භාජනවල දානවා... හැමෝම එක එක වැඩ..."ගුඩ් මෝනින් දේශ්"
මං මේ ලෝකෙට ආවේ ඇත්තටම රයෝද් අයියගේ කටහඩට... එයාට ලාවට හිනාවෙලා ආපහු මං බලන් හිටියේ අපේ වයසේ උන් වැඩ කරන විදිහ... සමහර වෙලාවට ඔය ඉන්න ලමයි අතරේ කපල් වෙලා ඉන්න උනුත් ලව් කරනවා... කොලුකාරයෝ... අපි කොලුකාරයෝ... ඇයි නේද ඇත්තටම එහෙම හිතෙන්නේ... අපිට ආදරේ හිතෙන එක වැරැද්දක්ද තමන්ගෙම කෙනෙක්ට... මගේ කතාව ඇත්තට මොනවගේ කතාවක් වෙයිද... ලෝක ප්‍රකට රයිඩර් කෙනෙක්ට ආදරේ කරන ආදරවන්තයෙක්... නෑ... ඒක වෙනස් ආදර කතාවක්... හිතේ සැනසීම නැතිඋන කෙනෙක්ට සැනසීම හොයලා දෙන්න හදන ගමනේදි ඇතිවුන බැදීමක්... ඒ බැදීම දැන් ආදරයක් වෙලා....
ටිකක් වෙලා ග්‍රවුන්ඩ්එක දිහා බලන් ඉදලා යන්න හදද්දි දැක්කේ රයෝද් අයියා තවමත් මම දිහා බලන් ඉන්නවා..."ඇයි...."
"ඔයා මාව ගනන්ගන්නේ නෑ නේද දේශ්...
ඔයා මොනවද ඔච්චරටම කල්පනා කරන්නේ...
වෙන කාටහරි ආදරේ කරනවද ඔයා...""පිස්සුද අනේ.. මං කල්පනාකලේ අපි ගැන... කලින් හිටපු විදිහ දැන් ඉන්නවිදිහ ඉස්සරහට අපි ඉන්න විදිහ..
ඒ හැමදේම""ඔයා ඕවර්තින්කර් කෙනෙක්...."
"වෙන්න පුලුවන්...
ඔයා කැමති නැද්ද දැන් එහෙම කෙනෙක්ට"
YOU ARE READING
COLOR WINGS -BL
Romance♡...ලෝකේ දකින්න නම් පියාඹන්න ඕනි රයෝද්...♡ 🍷🕊 "දේශ් මේ බුදුහාමුදුරුවෝ ඉස්සරහා මං අහන්නේ.... ඔයාට පුලුවන්ද මං මැරෙනකන් විතරක් මගේ වෙන්න.... මං මැරෙනකන් විතරමයි.... පොරොන්දු වෙනවා" "තමුසේ මැරෙනවා මැරෙන...