🍷🕊
උදේ ඉස්කෝලෙට ගියා නොය් ඉන්න බැරි නිසා... ඒත් එකහමාර වෙනකන් හිටියේ බොහොම අමාරුවෙන්... සදේශ් අයියලා රයන් අයියලා හැමෝම මගෙන් අහන්නේ රයෝද් අයියට මොකද උනේ කියලා... උන් ටික කොච්චර හොද යාලුවෝ උනත් රයෝද් අයියගේ පර්සනල් දේවල් කිසිදෙයක් දන්නේ නෑ වගේ... එතකොට මුගේ හැම ලබ්බම දන්නේ අර බොඩිගාඩ් කාරයා විතරද.. ඔය වෙලාවට තමයි මට නගින්නේ ඇයි යකෝ.... පුදුමයි අවුරුදු දාහතක් වෙනකන් ජීවත් උනා කියන එකත්.... කොහොමහරි අන්තිම මොහොතේ ගිගාබයිට් ටීම්එකම ආවා කියහන්කෝ මාත් එක්ක හොස්පිටල්එකට යන්න... උන් ටික පැයක් විතර කියව කියව ඉදලා ගියා.. උන් ගියාට පස්සේ රයෝද් අයියට මං ගෙනාපු කෑම එක දුන්නා... ඒත් මූ කෑම එකයි මම දිහයි මාරුවෙන් මාරුවට බලනවා....
"මං නෙවේ ඉව්වේ... අපේ අම්මා...."
"මේ.. ඕක මටද...."
"අනේ නෑ... මේ ඇද උබව දරාගෙන ඉන්නවනේ ඒනිසා ඇදට ගෙනාවේ..."
ඒ පාර මේකා හිනාවෙනවා... මුට ඩිප්රෙශන් නෙවේ තියෙන්නේ මානසික ලෙඩක්... ඒකෙත් හොදම එක.. එක්කො මූ ගුලි කනවා... ඔව් ඔව් මූ ගුලි කාලා ඉන්නේ... ඉස්කෝලෙදි හිනාවෙනවා කියන එක මූට අමතකම වෙලානේ තියෙන්නේ.... කහ පැකට් එකද මන්දා මූ කන්නේ.... ඕවා හිතද්දි මූගේ අත මං ඉස්සරහින් යනවා...
"ඇයි..."
"මට බඩගිනී..."
"අම්මෝ ලොකුදෙයක්.... අතින් කන්න පුලුවන්ද... බෑනේද මං කවන්නද.."
ඒ පාර ඔලුව වනවා... කෑම එක තියලා සුටුස් ගාලා බාත්රූම්එකෙන් ඊත හෝදගෙන කවන්න ගත්තා... අංග සම්පූර්ණ කෑම වෙලක්...
"මැල්ලුම් දාන්න එපා දේශ්...."
"මැල්ලුම් කාපුහම සුදුවෙනවා ලස්සන වෙනවා කොනාඩෙ වැවෙනවා ඇස් හොදට පේනවා ඒ නිසා කන්න ඕනි..."
"හරි හරි ඕයි මෙන්න අයින් කලා කෝ..."
බත් එකත් කවලා මං කල්පනා කලේ මුගෙන් මේ දේවල් ගැන අහනවද නැද්ද කියලා... ඇහුවොත් කියයිද මට... ඔහේ ඕනි එකක් කියලා මුලින්ම අම්මලා ගැන අහනවා...
YOU ARE READING
COLOR WINGS -BL
Romance♡...ලෝකේ දකින්න නම් පියාඹන්න ඕනි රයෝද්...♡ 🍷🕊 "දේශ් මේ බුදුහාමුදුරුවෝ ඉස්සරහා මං අහන්නේ.... ඔයාට පුලුවන්ද මං මැරෙනකන් විතරක් මගේ වෙන්න.... මං මැරෙනකන් විතරමයි.... පොරොන්දු වෙනවා" "තමුසේ මැරෙනවා මැරෙන...