COLOR WINGS -BL 《 part 04 》

174 11 0
                                    

🍷🕊

"අච්චුපොත් නැති උන් ඔක්කොමල්ලා නැගිටිනවා..... 
යනවලා එලියට....
පොත් ගේන්නේ නැතුව ඉස්කොලේ ඇවිත්  වැඩක් තියනවද...
දනගහගෙන ඉන්න ඔක්කොම"

"මේ ශමේල් ශේප් එකේ නැගිටලා යමුද..."



අයෝදුයි මමයි මී පැටියයි තුන්දෙනාම ශේප්එකේ නැගිටලා එලියට ආවා... එලියට ආවට වැඩක්ද දෙයියනේ දණගහගෙන ඉන්න වෙන්නේ...

"මේ යකෝ මට නම් බෑ දණගහගෙන ඉන්න"

"අරක ඇතුලේ නිදි කිරනවට වඩා මට මේක සැපයි"

"මටත් යකෝ... අර ගෑනිගේ කන්කරච්චල් ප්‍රාග් ඓතිහාසිකේ ගැන අහන් ඉන්න ගියාම මට නගිනවා"

"උබට නගිනවද බං"


"අහ් එහෙම කියන්න"

"දෙයියනේ මගේ සුදු අයියා එනවා"

"මී පැටියෝ උබේ සුදු අයියට කියලා අහින්සක අපිදෙන්නවත් බේරලා දියන්කෝ"

"Try and try one day u can fly මචන්"

සයෝද් අයියලා සෙට් එකම මේ පැත්තට එනවා... උන් ඉතින් දැන් අපිව චාටර් කරනවා අම්බානක... කමක් නෑ.. මෙතනින් නැගිටලා යන්න පුලුවන්නේ  ඒ ඇති... සයෝද් අයියා වශියක් කරලා වගේ මී පැටියා දිහා බලාගෙන ඉන්නවා... ශේප්එකේ මං මී පැටියා දිහා බැලුවා ඇයියකෝ කියන්න බෑ නේ මූ මෙතන නිර්වස්තරව ඉන්නවද කියලා... ඒත් නෑ... මුන් දෙන්නා මුන්දෙන්නගේ ඇස් දිහා බලන් ඉන්නවා... සයෝද් අයියටයි මටයි තියෙන්නේ කලුයි දුඹුරුයි මිශ්‍ර උන ඇස්... අපේ මී පැටියගේ ඇස්නම් කලුම කලුයි.. අව්ව නිසා ඒ ඇස් දිලිසෙනවා
.. මගේ මී පැටියගේ ඇස් දිහා බලන් භාවනා කරන්න මටත් හිතෙනවා...

"දැන් බලපන් අයියේ... මුන් තුන්දෙනා ඇස්දිහා බලන් ඉන්නවා.... ඔයා මිස්ට කියලා අපිට කොහෙ හරි එක්කන් යනවද... ඩබල් පීරියඩ් දෙයියනේ"

අපි භාවනා කරනවා බලන් ඉන්න බැරිම තැනද කොහෙදෝ අයෝදයා කෑ ගහලා කිව්වා

"හේතුව"

හේතුව කියලා කටහඩක් ඇහුන නිසා මගේ භාවනාව බිදුනා යකඩෝ.... හේතු අහන එකාට දුකයි දුකට හේතුවයි දුක නැතිවීමේ විදිහයි කියලා දෙන්න උඩ බැලුවා.... දෙයියනේ මගේ රේසරේ.... ඔන්න ඔහොම එකක් හිත කිව්වා... අද නම් මේ මිනිස්සුන්ගේ ඇස්වලට වශියක් වෙලාද කොහෙද.... උදේ ඉර එලිය කෙලින්ම රේසරේගේ මූනට වැටිලා... මාරම ලස්සනයි... ඔය ඔක්කොටම වඩා ඇස්... නිල් පාටයි... බ්ලූ අයිස්...
මං රේසරේගේ බ්ලූ අයිස් දිහා බලාගෙන ඉද්දි මොකෙක්ද මන්දා එකෙක් ඇවිත් මාව නැගිට්ටුවා... ඒ නැගිටලා බලද්දි බ්ලු අයිස් මිසින්... ඒත් එක්කම මගේ මොලේ හෙල්ලිලා යන්න ඔලුවල හොද පාරක් වැදුනා...

COLOR WINGS -BL Where stories live. Discover now