Pov: Rayod
ඔයාව මගේ කරගන්න කොයි තරම් මං බලන්න ඉද්ද ඇතිද....
ඒත් ඒ දේවල් මට ලබාගන්න බෑ...
මිනිස්සු ඉපදෙද්දිම දෛවය කියන දේ අරන් එනවා නේද දේශ්...
ඒත් මට එහෙම නෑ....
මං මගේ දෛවය වෙනස් කරගන්න ගියා....
ඉතින් මං මගේ අවසන් හුස්ම හරි ඉක්මනට ගන්න කොලේක අත්සන් කලා....
මං ඉන්නකන් මේක ලියන්නම්... අගක් මුලක් නෑ... හැමදාම ලියන්නෙත් නැ....
ඔයාට මං මැරෙනකන්ම මගේ කතාව ලියන්නම්...
හැබැයි දේශ් මේ පොත කාටවත් දෙන්න එපා... ඇයි කියලා අහන්න එපා දේශ් දෙන්න එපා....
උත්තරයක් නැති ප්‍රශ්නයක් තියෙන්නේ දේශ්.... ඔයා අඩන්නේ නැතුව කියවන්න.....මං ඉපදුන දවසේ ඉදලා දුක් වින්දා දේශ්.... මගේ තාත්තා අම්මා ඒ දෙන්නා මාව එයාලගේ එක්ස්පෙරිමන්ට් වලට ගත්තා.... ඒ හැම දෙයක් ගැනම මට කිසිම තේරුමක් තිබුනේ නෑ... මට තේරුනේ එයාලා මට කරන දේවල් නිසා මට රිදෙනවා කියලා විතරයි...
යන්තම් ලොකු වෙද්දි මං තේරුම්ගත්තා මට මෙයාලත් එක්ක ජීවත් වෙන්න බෑ කියලා...
ඒ දවස්වල තමයි මම මේ ගෙවන ජීවිතයෙන් ගැලවෙන්න විදිහක් හෙව්වේ... එතකොට මට හම්බවුනා එක ආයතනයක්.... ඒ ආයතනයට මම බැදුනා... ඒ නිසා තමයි හැමදේම වෙනස් උනේ....
'' රයෝද් පුතා.... මේ ඇග්රිමන්ට් සර්ටිෆිකේට් වික... මේටිකට ඔයා සයින් කරන්න....''
''හරි සර්.....''
''අපි ඔයාව භාරගන්නවා.... ඔයාගේ හැම දෙයක් වෙනුවෙන්ම අපි වියදම් කරනවා......''
''හරි....''
එදා එහෙම සයින් කරපු ඇග්රිමන්ට් එකේ තිබිලා තියනවා
''I will commit suicide when is 20 years old... It is not a suicide... I want to let the world know that it is a sudden death due to a heart attack.''
මගේ තියන නොසැලකිල්ල නිසාම මම ඒ නෝට්එක කියවන්නේ නැතුව සයින් කරලා...
ඒ ගැන මම දැනගත්තේ අවුරුදු 16දී... ඉතින් මං මොනවා කරන්නද දේශ්....
ඔයාව මුලින්ම දැකපෝ දවස මට අද වගේ මතකයි... ස්පෝට්මීට්එකේ චෙස් ප්ලේ කරන්න කට්ටිය තෝරද්දි අත උස්සලා මං ලගට දුවගෙන ආපු විදිහ....
නොතේරෙන හැගීම් ගොන්නක් හිතේ තියන් ඔයා දිහා බලන් සෑහෙන්න මං හිත හදාගත්තා....
සයෝද් මියෝල්ට ආදරේ කරනවා කියලා මුලින්ම අපිට කිව්වාම මම ඇහුවේ ඔයා ආදරේ කියන්නේ මොකටද කියලා... එතකොට ඌ කිව්වා...
YOU ARE READING
COLOR WINGS -BL
Romance♡...ලෝකේ දකින්න නම් පියාඹන්න ඕනි රයෝද්...♡ 🍷🕊 "දේශ් මේ බුදුහාමුදුරුවෝ ඉස්සරහා මං අහන්නේ.... ඔයාට පුලුවන්ද මං මැරෙනකන් විතරක් මගේ වෙන්න.... මං මැරෙනකන් විතරමයි.... පොරොන්දු වෙනවා" "තමුසේ මැරෙනවා මැරෙන...